Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රූත් 1:8 - Sinhala New Revised Version 2018

8 නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 නයෝමි ලේලීන් දෙදෙනා අමතා මෙසේ කීවා ය: “ආපසු ගෙදර ගොස් ඔබ එකිනෙකාගේ මවුන් සමඟ නවතින්න. මටත්, මළගිය අයටත් ඔබ හොඳින් සැලකුවාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඔබටත් හොඳින් සලකන සේක් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙස ස්වාමීන්වහන්සේ නුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රූත් 1:8
14 හුවමාරු යොමු  

ඉන්පසු මාලොන් ද කිලියොන් ද මළහ. එවිට පුතුන් දෙදෙනා ද ස්වාමි පුරුෂයා ද නැති වූයෙන් නයෝමි තනි වූවා ය.


එවිට නයෝමි ලේලිට කතා කරමින්, “ජීවමාන අයටත්, දැනට මිය ගොස් සිටින අයටත් වූ පොරොන්දු ඉටු කරන සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කරන සේක් වා! ඒ මිනිසා අපේ නෑයෙකි. අපේ ඇවැස්ස නෑයෙකි”යි කීවා ය.


භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න.


සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ විපාකය ඔබට දෙන බව සිහි කරන්න. මන්ද, ඔබ සේවය කරන්නේ ඔබේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට ය.


භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න.


ඈ ද ඈ සමඟ ලේලීන් දෙදෙනා ද ඔවුන් සිටි දේශය අත්හැර ජුදා දේශය බලා ආපසු ගමන්ගත්හ.


තවද, ඔබ දෙදෙනා නැවත පවුල් වී සුරැකි ව සිටීමට සමිඳාණන් වහන්සේ ඔබට පිහිට වන සේක් වා!” මෙසේ කියා නයෝමි ඔවුන් දෙදෙනා සිඹ ඔවුන්ගෙන් සමුගත්තා ය. එහෙත්, ලේලීන් දෙදෙනා හඬා වැලපෙමින්,


“මාගේ දියණියෙණි, සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!”යි ඔහු උත්තර දී තවදුරටත් මෙසේ කී ය: “ඔබ පවුලට ඇති පක්ෂපාතකම, ඔබේ නැන්දම්මාට කළ දේවලින් පෙනුණාටත් වඩා දැන් ඔබ කරන මේ ක්‍රියාවෙන් පෙනේ. මන්ද, ඔබ පොහොසත් හෝ දුප්පත් හෝ තරුණයෙකු පස්සේ ගියේ නැත.


දැන් සමිඳාණන් වහන්සේ ඔබට කරුණාවත්, විශ්වාසවන්තකමත් පෙන්වන සේක් වා! ඔබ මේ දේ කළ නිසා මමත් එසේ ම ඔබට යහපත කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්