Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 9:4 - Sinhala New Revised Version 2018

4 ඔව්හු ජෝෂුවා රැවටීමට උපායක් යොදාගත්තෝ ය. ඔව්හු සූදානම් කරගත් ආහාර ද පරණ ගෝණි ද පැළී පිළියම් කළ පරණ හම් මුද්‍රික පාන භාජන ද තමන්ගේ කොටළුවන් පිට පටවා ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔව්හු ජෝෂුවා රැවටීමට උපායක් යොදාගත්තෝ ය. ඔව්හු සූදානම් කරගත් ආහාර ද පරණ ගෝණි ද පැළී පිළියම් කළ පරණ හම් මුද්‍රික පාන භාජන ද තමන්ගේ කොටළුවන් පිට පටවා ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔව්හු ප්‍රයෝගයෙන් හැසිරෙමින්, තානාපතීන් මෙන් පිටත්ව, පරණ ගෝණිද පැළී පිළියම්කළ පරණ සම් මුද්‍රිකපාන භාජනද තමුන්ගේ කොටළුවන් පිට පටවාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 9:4
12 හුවමාරු යොමු  

ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.


අලුත් මිදියුස පැරණි සම් බඳුන්වල වක්කරන කිසිවෙක් නැත. එසේ කළොත්, මිදියුසින් සම් බඳුන් පැළී, මිදියුසත් බඳුනුත් දෙක ම නැති වේ. නව මිදියුස දැමිය යුත්තේ නව බඳුන්වලට ම ය.”


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


නව මිදියුස පරණ බඳුන්වල වත් කරන කිසිවෙක් නැත. වත් කළොත්, බඳුන පැළී, මිදියුස ඉහිරී, බඳුනුත් නාස්ති වන්නේ ය. එසේ නොව, ඔව්හු නව මිදියුස නව බඳුන්වල වත් කරති; එවිට ඒ දෙක ම ආරක්ෂා වේ.”


ඇකිළී ගිය ලබු කැටයක් මෙන් මම නිසල් වීමි. එහෙත්, ඔබේ පනත් අමතක නොකරමි.


ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ.


එහෙත්, ගිබියොන් වැසියන් ජෝෂුවා ජෙරිකෝවටත්, ආයි නගරයටත් කළ දේ ඇසූ විට,


අණ්ඩ දැමූ, ගෙවී ගිය පාවහන් පය ලාගෙන, පරණ වස්ත්‍ර ඇඳගත්තෝ ය; ඔවුන් කෑමට ගත් රොටි සියල්ල ද වේළී, පුස් බැඳී තිබුණේ ය.


මේ මුද්‍රික පාන හම් භාජන අප පුරවාගත් විට ඒවා අලුත් ව තිබිණි; දැන් ඒවා පැළී තිබේ. මේ අපේ වස්ත්‍ර ද පාවහන් ද ගමන ඉතා දීර්ඝ නිසා පරණ වී තිබේ.”


ඔබ හැම වෙත එන්නට අප පිටත් වූ දවසේ දී අපේ ආහාර පිණිස ගත් මේ රොටි අපේ ගෙවලින් අප ගත්තේ උණු උණු ව තිබෙද්දී ය; එහෙත්, දැන් ඒවා වියළී, පුස් බැඳී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්