Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 3:17 - Sinhala New Revised Version 2018

17 ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන පූජකයෝ යොර්දාන් මැද වියලි භූමිය පිට ස්ථිරව සිටියෝය, මුළු සෙනඟ යොර්දානෙන් සම්පූර්ණයෙන් එතර වනතෙක් සියලු ඉශ්‍රායෙල්වරු වියලි බිම පිට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 3:17
14 හුවමාරු යොමු  

එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන, අකුළා වතුරට ගැසී ය. වතුර දෑතට බෙදී ගියේ ය. ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩ වූ හ.


එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමාණෝ තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.


මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය.


ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය.


එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය.


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මරණය සදහට ම විනාශ කරදමන සේක. සියලු මුහුණුවලින් කඳුළු පිසදමන සේක. ලොව මුළුල්ලේ තමන්ගේ සෙනඟට ඇති වී තිබෙන නින්දාව පහකරන සේක. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ම ය.


“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න; ‘නුඹලා ජොර්දාන් ගඟෙන් එතෙර වී, කානාන් දේශයට සැපත් වූ විට


ඇදහිල්ලෙන්, ඔව්හු රතු මුහුද මැදින් වියළි බිමක මෙන් ගමන් කළෝ ය. එසේ යාමට කළ ප්‍රයත්නයේ දී මිසරවරු දියේ ගිලී මළෝ ය.


මුළු ඉශ්රායෙල් ජාතිය ජොර්දාන් ගඟින් එතෙර වී නිම වූ කල සමිඳාණන් වහන්සේ ජෝෂුවාට කතා කොට,


මෝසෙස් ජෝෂුවාට අණ කළ පරිදි සෙනඟට දැන්වීම සඳහා සමිඳාණන් වහන්සේ ජෝෂුවාට නියම කළ සියලු දේ කියා නිම වන තෙක්, ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද නැවතී සිටියෝ ය. සෙනඟ ඉක්මන් කර එතෙරට ගියෝ ය.


මුළු සෙනඟ ඉක්මන් ව එතෙර වී නිම වූ කල, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සහ පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය.


ඔබ ඔවුන්ට පිළිතුරු දෙමින් මෙසේ කියන්න, ‘ඉශ්රායෙල්වරු වියළි බිම දිගේ මේ ජොර්දාන් ගඟෙන් එතෙර වී ආවෝ ය.


‘ඔබ හැම ජොර්දාන් ගඟේ මැද පූජකවරුන් පා තබා සිටි තැනින් ගල් දොළොසක් රැගෙන, එතෙර ගෙන ගොස්, ඒවා ඔබ හැම අද රෑ නවාතැන් ගන්නා ස්ථානයෙහි තබන්න’ කියා අණ කරන්නැ”යි වදාළ සේක.


ඉශ්රායෙල් ජනයා එතෙර වන තුරු සමිඳාණන් වහන්සේ ඔවුන් පැමිණෙන්නට කලින් ජොර්දාන් ගඟේ දිය හිඳී යන්නට සැලැසූ බව, ජොර්දාන් ගඟින් එතෙර බස්නාහිර සිටි අමෝරිවරුන්ගේ සියලු රජවරුන් ද මධ්‍යධරණි මුහුදුබඩ විසූ කානානිවරුන්ගේ සියලු රජවරුන් ද ඇසූ කල, ඔව්හු ඉශ්රායෙල් ජනයා නිසා තැති ගෙන අධෛර්යයට පත් වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්