Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 24:18 - Sinhala New Revised Version 2018

18 සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ස්වාමීන්වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන්ද දේශයෙහි විසූ අමෝරිවරුන්ද අප ඉදිරියෙන් එළවාදැමූසේක. එබැවින් අපිත් ස්වාමීන්වහන්සේට සේවයකරන්නෙමුව; මක්නිසාද උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 24:18
13 හුවමාරු යොමු  

සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.


ඇරත් මිසරයට මා සමච්චල් කළ සැටි ද ඔවුන් මැද මා සිදු කළ හාස්කම් ද නුඹ නුඹේ පුතුන්ටත්, පුතුන්ගේ පුතුන්ටත් කියන පිණිස ය. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹලා සැම දැනගන්නහු ය”යි වදාළ සේක.


සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි.


නුඹලාගේ දේශ සීමාවන් රතු මුහුදේ සිට මධ්‍යධරණි මුහුද දක්වා ද පාළුකරයේ සිට යුප්‍රටීස් ගඟ දක්වා ද විශාල කරන්නෙමි. එම දේශයේ වැසියන් නුඹලා අතට පාවා දෙන්නෙමි. නුඹලා ද නුඹලා වෙතින් ඔවුන් පන්නා දමන්නහු ය.


‘එන්න, අපි සමිඳුන්ගේ කන්දට යමු; ජාකොබ්ගේ දෙවිඳුන්ගේ මාලිගාවට යමු. එවිට ස්වකීය මාර්ගය ගැන එතුමාණන් අපට උගන්වනු ඇත: අපි ද එතුමාණන්ගේ මාර්ගවල ගමන් කරන්නෙමු’යි කියන්නෝ ය. මන්ද, සමිඳුන්ගේ නීතිය සියොන් කන්දෙන් ද එතුමාණන්ගේ ඉගැන්වීම ජෙරුසලමෙන් ද නිකුත් වන්නේ ය.


ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”


අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ.


ඔබ ප්‍රශංසා කළ යුත්තේ, බල බලා සිටිය දී ම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ, ඔබේ දෙවියන් වහන්සේට ය.


සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.


මන්ද, සමිඳාණන් වහන්සේ ඉතා විශාල වූ විජාතීන් ඔබ ඉදිරියෙන් පන්නාදැමූ සේක. ඒ නිසා ඔබට විරුද්ධ ව සිටින්නට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන් වුණේ නැත.


මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.


ජෝෂුවා සෙනඟට කතා කොට, “සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්