Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 22:31 - Sinhala New Revised Version 2018

31 පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත්, මනස්සේවරුන්ටත් කතා කොට, “ඔබ හැම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් නොකළ නිසා සමිඳාණන් වහන්සේ අප සමඟ වැඩවසන බව අපි අද දැනගතිමු. මෙසේ ඔබ ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේගේ අතින් බේරාගත්තහු ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 පූජක එලෙයාසර්ගේ පුත්‍රවූ පීනෙහාස් රූබෙන් පුත්‍රයන්ටත් ගාද් පුත්‍රයන්ටත් මනස්සේ පුත්‍රයන්ටත් කථාකොට: ස්වාමීන්වහන්සේ අප අතරේ වසන බව නුඹලා මේ ද්‍රෝහිකම ස්වාමීන්වහන්සේට විරුද්ධව නොකළ නිසා අපි අද දැනගතිමුව. මෙසේ නුඹලා ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ අතින් ගැළවුවහුයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 22:31
13 හුවමාරු යොමු  

ඔහු ආසාගේ පෙරමඟට ගොස් මෙසේ කී ය: “ආසා සහ සියලු ජුදාවරුනි, බෙන්ජමින්වරුනි, මට සවන් දෙන්න. ඔබ සමිඳාණන් වහන්සේ සමඟ සිටින තුරු උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ උන් වහන්සේ සොයන්නහු නම්, උන් වහන්සේ ඔබ සියල්ලන්ට සම්බ වනු ඇත. ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ද ඔබ අත්හරිනු ඇත.


ඔහු අබිෂුවාගේ පුත්‍රයා ය; ඔහු පිනෙහාස්ගේ පුත්‍රයා ය; ඔහු එලෙයාසර්ගේ පුත්‍රයා ය; ඔහු උත්තම පූජක ආරොන්ගේ පුත්‍රයා ය.


යුද්ධ රථ දසදහස් ගණන් සමඟ සමිඳාණෝ සීනයි කන්දෙන් ශුද්ධස්ථානයට වඩින සේක.


තවද, නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධස්ථානයක් සෑදිය යුතු ය.


සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”


ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”


“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.


තවද ඔහුගේ සිතෙහි රහස් හෙළිවනු ඇත. එවිට ඔහු මුණින්තලා වී, “සැබැවින් ම ඔබ අතර දෙවියන් වහන්සේ වැඩ සිටින සේකැ”යි ප්‍රකාශ කරමින් උන් වහන්සේ නමදින්නේ ය.


එවිට රූබන් ගෝත්‍රයේ සෙනඟ ද ගාද් ගෝත්‍රයේ සෙනඟ ද මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ ද විසින් කියන ලද වචන පූජක වූ පිනෙහාස් ද ඔහු සමඟ සිටි ඉශ්රායෙල් ගෝත්‍රවල පෙළපත් ප්‍රධානීන් ද ඇසූ කල ඔව්හු ඊට බොහෝ සේ සතුටු වූ හ.


එවිට පූජක එලෙයාසර්ගේ පුත් පිනෙහාස් ද අධිපතීහු ද රූබන්වරුන් හා ගාද්වරුන් කෙරෙන් ගිලියද් දේශයේ සිට කානාන් දේශයෙහි ඉශ්රායෙල් සෙනඟ වෙත හැරී අවුත් ඔවුන්ට ඒ පුවත සැළ කළෝ ය.


ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: “ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බවත්, උන් වහන්සේ නොඅනුමානව ම ඔබ ඉදිරියෙන් කානානිවරුන් සහ හිත්තීවරුන් ද හිවීවරුන් සහ පෙරිස්සිවරුන් ද ගිර්ගාෂිවරුන් සහ අමෝරිවරුන් ද ජෙබුසිවරුන් ද පන්නා දමන බවත් ඔබ මෙයින් දැනගන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්