Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 21:8 - Sinhala New Revised Version 2018

8 ඒ නගර සහ ඒවා අවට තණ බිම් ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ ලෙස, පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඒ නගර සහ ඒවා අවට තණ බිම් ඉශ්රායෙල් ජනයා, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ ලෙස, පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඒ නුවරවල් සහ ඒවායේ පිට-බිම් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා අණකෙරෙවු ලෙස පස ඇට දැමීමෙන් ලෙවීවරුන්ට දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:8
11 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේගේ ආඥා ලෙස තමන්ගේ උරුමයෙන් මෙකී නගර ද ඒවා අවට තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය.


පස ඇට දැමීමෙන් උසාවියේ නඩුවක් විසඳිය හැකි ය, බලවත් දෙගොල්ලක් අතර සාමය ඇති කළ හැකි ය.


තීරණයක් ගැනීමට පස ඇට දමනු ලැබේ; තීරණය දෙන්නේ සමිඳාණෝ ය.


ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි.


ඒ නගර ඔවුන්ගේ වාසය පිණිසත්, තණ බිම් ගවමහිෂයන් ඇතුළු මුළු ගොවිසම්පත සඳහාත් විය යුතු ය.


තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ.


ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් සහ ජනතාවගේ නායකයන් ද වෙත අවුත්:


සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ.


මෙරාරීවරුන්ගේ ගෝත්‍රවලට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් ලැබුණේ ය.


ජුදා ගෝත්‍රයෙන් ද සිමියොන් ගෝත්‍රයෙන් ද මෙහි නම් සඳහන් කරන නගර දෙනු ලැබුවේ


ඔවුන්ගේ කෝපයට සාප වේ වා! මන්ද, එය දරුණු ය; කුරිරු ය. ජාකොබ්ගේ දේශය තුළ මම ඔවුන් වෙන් කරලමි. ඉශ්රායෙල් ජනතාව අතර ඔවුන් විසුරුවා හරිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්