Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 21:39 - Sinhala New Revised Version 2018

39 හෙෂ්බොන් සහ ඒ අවට තණ බිම් ද ජාශර් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 හෙෂ්බොන් සහ ඒ අවට තණ බිම් ද ජාශර් සහ ඒ අවට තණ බිම් ද යන නගර සතරත් දුන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 මහනයිම් සහ එහි පිට-බිම්ද, හෙෂ්බොන් සහ එහි පිට-බිම්ද යාශෙර් සහ එහි පිට-බිම්ද යන නුවරවල් සතරත් දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 21:39
14 හුවමාරු යොමු  

හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.


හෙෂ්බොන් සහ එහි තණ බිම් ද ජාශර් සහ එහි තණ බිම් ද ලැබුණේ ය.


ජාසෙර්හි සෙනඟ ගැන වැලපෙනවාට වඩා මිදි වැලක් වැනි සිබ්මාහි සෙනඟ ගැන වැලපෙන්නෙමි. එහි අතු මළ මුහුදෙන් එපිට විහිදී ජාසෙර් දක්වා පැතිර ගොස් ඇත. එහෙත්, දැන් එහි ග්‍රීෂ්ම කාලයේ පල හා මුද්‍රික වලු පිට විනාශය පැමිණ ඇත.


රූබන්ගේ පෙළපතේ අයට සහ ගාද්ගේ පෙළපතේ අයට ගවයෝ ඉතා විශාල ගණනක් සිටියහ. ජාශර් දේශය සහ ගිලියද් දේශය ගවයන්ට කෙතරම් සුදුසු ද කියා දුටු විට


“අටාරොත්, දීබොන්, ජාශර්, නිම්රා, හෙෂ්බොන්, එලෙයාලේ, සෙබාම්, නෙබො සහ බියොන් යන නගර පිහිටා ඇති,


අත්රොත්-ෂොපාන්, ජාසෙර් සහ ජොග්බෙහා,


රූබන්ගේ පරපුරේ අය හෙෂ්බොන්, එලෙයාලේ සහ කිරියතායිම් ද,


හෙෂ්බොන් හා ඊට අයිති තැනිතලාවේ තිබෙන සියලු නගර වන දීබොන් ද බමොත්-බාල් ද බෙත්-බාල්මෙයොන් ද


තැනිතලාවේ සියලු නගර ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ගේ මුළු රාජ්‍යය ද යන මේවා ය. සීහොන් රජුට සහ දේශයේ වාසය කළ ඔහුගේ අමාත්‍යයන් ව සිටි මිදියන්හි අධිපතීන් වන එවීටත්, රෙකෙම්ටත්, ශුර්ටත්, හුර්ටත්, රෙබාටත් මෝසෙස් පහර දුන්නේ ය.


ඔවුන්ගේ පළාත ජාශෙර් ද ගිලියද්හි සියලු නගර ද රබ්බා ඉදිරිපිට තිබෙන අරෝයෙර් දක්වා අම්මොන්වරුන්ගේ රටෙන් දෙකෙන් කොටස ද


ගාද්ගේ ගෝත්‍රයෙන් මිනී මරන අය උදෙසා නියම කළ අභය භූමි නගරයක් වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ ඒ අවට තණ බිම් ද මහනයිම් සහ ඒ අවට තණ බිම් ද


මේ සියල්ල ලෙවීවරුන්ගේ අනික් පවුල් වන මෙරාරීගේ ගෝත්‍රයට ඔවුන්ගේ පවුල් ගණන අනුව ලැබුණ නගර ය. ඔවුන්ගේ කොටස නගර දොළොසක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්