Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 18:4 - Sinhala New Revised Version 2018

4 ඔබ උදෙසා එක එක ගෝත්‍රයෙන් මනුෂ්‍යයන් තුන්දෙනෙකු බැගින් පත් කරන්න. මම ඔවුන් යවන්නෙමි; ඔව්හු පිටත් ව දේශයෙහි ඔබමොබ ගමන් කොට තමන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒවා සටහන් කරගෙන මා වෙත එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔබ උදෙසා එක එක ගෝත්‍රයෙන් මනුෂ්‍යයන් තුන්දෙනෙකු බැගින් පත් කරන්න. මම ඔවුන් යවන්නෙමි; ඔව්හු පිටත් ව දේශයෙහි ඔබමොබ ගමන් කොට තමන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒවා සටහන් කරගෙන මා වෙත එන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 නුඹලා උදෙසා එක එක ගෝත්‍රයට මනුෂ්‍යයන් තුන් දෙනෙකු බැගින් පත්කරන්න. මම ඔවුන් යවන්නෙමි, ඔව්හු පිටත්ව දේශයෙහි ගමන්කොට තමුන්ගේ උරුමවලට සුදුසු ලෙස ඒක සටහන් කරගන මා වෙතට එන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 18:4
9 හුවමාරු යොමු  

ඒ මනුෂ්‍යයෝ දේශයෙහි ඇවිද, එය කොටස් හතකට බෙදා, නගරයෙන් නගරයට පොතක සටහන් කරගෙන ෂිලෝහි කඳවුරේ සිටි ජෝෂුවා ළඟට ආවෝ ය.


ඔබ හැම දේශය සත් කොටසකට බෙදා, එහි භූමි සටහනක් මා ළඟට ගෙනෙන්න. මම අපේ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ හැම වෙනුවට මෙහි දී පස ඇට දමන්නෙමි.


ජෝෂුවා ඔවුන්ට කතා කොට, “ඔබ හැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දී තිබෙන දේශය හිමි කරගැනීමට යන්නට ඔබ කොපමණ කල් ප්‍රමාද වන්නහු ද?


“නුඹ එක එක ගෝත්‍රයෙන් එක් කෙනෙකු බැගින් සෙනඟ අතරෙන් දොළොස්දෙනෙකු තෝරාගෙන, ඔවුන් අමතා,


එබැවින් දැන් එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් ඉශ්රායෙල් ගෝත්‍රවලින් පිරිමින් දොළොස්දෙනෙකු තෝරාගන්න.


“මා ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නුඹලාගේ පිය ගෝත්‍ර සෑම එකකින් ම එක්කෙනා බැගින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නැ”යි වදාළ සේක.


නුඹට සහාය දීමට එක් එක් පෙළපතෙන් ගෝත්‍රික නායකයෙකු සිටිය යුතු ය.


ඔව්හු ඒක සත් කොටසකට බෙදන්නෝ ය. ජුදා දකුණු දිග තමාගේ සීමාව තුළ සිටී වා; ජෝසෙප්ගේ පරපුර උතුරු දිග තිබෙන තමන්ගේ සීමාව තුළ සිටී වා.


එබැවින් සමිඳාණන් වහන්සේගේ සෙනඟ අතර දේශය නැවත බෙදා දෙන දවසේ දී, නුඹලාගෙන් කිසිවෙකු වත් එයින් කොටසක් නොලබන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්