Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 11:4 - Sinhala New Revised Version 2018

4 එවිට ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ඉතා විශාල ජන සංබ්‍යාවක් වන තමන්ගේ සියලු සේනාවන් සමඟ පැමිණියෝ ය. ඔව්හු අශ්වයන් සහ රථ වාහන ඉතා මහත් ගණනාවක් ඇති ව පිටත් ව ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ඉතා විශාල ජන සංබ්‍යාවක් වන තමන්ගේ සියලු සේනාවන් සමඟ පැමිණියෝ ය. ඔව්හු අශ්වයන් සහ රථ වාහන ඉතා මහත් ගණනාවක් ඇති ව පිටත් ව ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔව්හු මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝවූ සෙනඟක් වන තමුන්ගේ සියලු සේනාවල්ද අශ්වයන් හා රථ ඉතා මහත් ගණනක්ද ඇතුව පිටත්ව ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 11:4
8 හුවමාරු යොමු  

මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.


ඇරත්, ‘මම ඔබට ඇත්තෙන් ම ඉසුරු සලසන්නෙමි, ඔබේ පෙළපත ද මුහුදේ වැලි මෙන් ගණනින් විශාල වන ලෙස වැඩි කරන්නෙමි’ කියා ද ඔබ වහන්සේ වදාළ සේකැ”යි පැවසී ය.


ඒ නිසා මා ඔබට දෙන අවවාදය නම් මෙය යි. දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා, සිටින, ගණනින් මුහුදු වෙරළේ වැලි මෙන් විශාල සංබ්‍යාවක් වන සියලු ඉශ්රායෙල්වරුන් ඔබ වෙත රැස් වන තෙක් සිට, ඔබ ම පෞද්ගලික ලෙස සටනට යන්න.


ජුදාවරු ද ඉශ්රායෙල්වරු ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් අධික ව සිටියෝ ය. ඔව්හු කමින්බොමින් ප්‍රීතිවෙමින් පසු වූ හ.


ඔව්හු වකුටු වී වැටෙන්නෝ ය. එහෙත්, අපි නැඟිට කෙළින් සිටිමු.


මෙකී සියලු රජවරුන් තම බලඇණි එක්රැස් කොට, ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස මෙරොම්හි ජලය ඇති ස්ථානය ළඟ එක් ව කඳවුරු බැඳගත්තෝ ය.


මිදියන්වරු ද අමලෙක්වරු ද පෙරදිග සියලු වැසියෝ ද පළඟැටි සමූහයක් මෙන් විශාල ගණනක් මිටියාවතේ පැතිර සිටියෝ ය. ඔවුන්ගේ ඔටුවෝ ද මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල ගණනක් වූ හ.


පිලිස්තිවරු ඉශ්රායෙල්වරුන් සමඟ යුද්ධ කරන පිණිස රථ තිස්දහසක් ද අසරුවන් හයදහසක් ද මූදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි විශාල සෙනඟක් ද ඇතිව රැස් වී අවුත්, බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂ්හි කඳවුරු බැඳගත්තෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්