Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 65:8 - Sinhala New Revised Version 2018

8 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිදි වල්ලෙහි යුස තිබෙන බව දැක, ‘එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය විනාශ නොකරන්නැ’යි යමෙකු කියන සේ, මාගේ සෙනඟ මම විනාශ නොකරන්නෙමි: මට සේවය කරන්නන් මම ගළවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිදි වල්ලෙහි යුස තිබෙන බව දැක, ‘එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය විනාශ නොකරන්නැ’යි යමෙකු කියන සේ, මාගේ සෙනඟ මම විනාශ නොකරන්නෙමි: මට සේවය කරන්නන් මම ගළවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මිදිවල්ලෙහි යුස තිබෙන බව යමෙක් දැක–එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය නාස්ති නොකරන්නැයි කියන්නාක්මෙන්, මාගේ මෙහෙකරුවන් නිසා කරන්නෙමි, මම සියල්ලන් විනාශ නොකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 65:8
14 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ විසින් ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් ගළවනු නොලබන්නෝ ය. එහෙත්, උන් වහන්සේ තෝරා වෙන් කොට ගත් අය වෙනුවෙන් ඒ කාලය කෙටි කළ සේක.


නුඹලා ගළවන පිණිස මම නුඹලා සමඟ සිටිමි. මම නුඹලා යම් යම් දේශවලට විසුරුවා හැරියෙම් ද, ඒ සියලු දේශ මම සහමුලින් ම විනාශ කරදමමි. එහෙත්, මම නුඹලා විනාශ නොකරතත්, නුඹලාට දඬුවම් නොකර නොසිටින්නෙමි. නිසි ප්‍රමාණයට මම නුඹලාට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.


ඒ කාලය කෙටි නොකරන ලද්දේ නම්, කිසිවෙක් වත් නොගැළවෙන්නෝ ය. එහෙත්, තෝරාගත්තවුන් උදෙසා ඒ කාලය කෙටි කරනු ලබන්නේ ය.


සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?


සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.


ඉශ්රායෙල්හි ඉතිරි කුඩා පිරිස ඔවුන්ගේ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ වෙත හැරී එනු ඇත.


දැනට ඉශ්රායෙල්හි සෙනඟ මුහුදේ වැලි මෙන් වන නමුත්, ආපසු එන්නේ ඉතිරි කුඩා පිරිසක් පමණකි. සාධාරණ විනිශ්චය ලෙස සෙනඟට විනාශය නියම වී ඇත.


මාගේ නමට සෙනඟ ප්‍රශංසා කරන පිණිස, මාගේ කෝපයට ඉඩ නො දී එය වළලවා මම නුඹ විනාශ නොකෙළෙමි.


එවිට සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “සොදොම් නුවරෙහි දමිටුන් පනස්දෙනෙක් සිටිත් නම් ඔවුන් නිසා ඒ මුළු නුවරට මම සමාව දෙන්නෙමි”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්