Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 50:9 - Sinhala New Revised Version 2018

9 මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 බලව, ස්වාමිවූ දෙවියන්වහන්සේ මට උපකාරකරනසේක; මා වරදට පත්කරන්නේ කවුද? බලව, ඔවුන් සියල්ලෝම වස්ත්‍රයක් මෙන් පරණවන්නෝය; කාවා ඔවුන් කාදමන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 50:9
10 හුවමාරු යොමු  

නඩුවේ දී මා සමඟ තර්ක කරන සමතෙක් ඇද් ද? එවැන්නෙක් ඇත්නම්, මම නිහඬ වී මරණයට යමි.


ඒ නිසා මාගේ දිවිය දිරා ගිය ලීයක් මෙන් ද කාවුන් කෑ කබායක් මෙන් ද දුබල වී ඇත.


ඒවා විනාශ වන්නේ ය; එහෙත්, ඔබ ජීවත් වන සේක. එසේ ය, ඒ සියල්ල වස්ත්‍රයක් මෙන් පැරණි වන්නේ ය. උතුරු සළුවක් මෙන් ඔබ ඒවා මාරු කරන සේක. ඒවා ද පහ වී යන්නේ ය.


ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය.


තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.


බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.


නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”


ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්