Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 5:9 - Sinhala New Revised Version 2018

9 සව් බලැති සමිඳුන් මෙසේ වදාරනු මා අසා ඇත. “මේ විශාල අලංකාර ගෙවල් සියල්ල පාළු නටබුන් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සව් බලැති සමිඳුන් මෙසේ වදාරනු මා අසා ඇත. “මේ විශාල අලංකාර ගෙවල් සියල්ල පාළු නටබුන් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 සැබවින්ම මහත්වූ අලංකාරවූ බොහෝ ගෙවල් වැසියන් නැතුව පාළුවන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ මාගේ කන්වලට කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 5:9
14 හුවමාරු යොමු  

බලන්න, නුඹේ දේව මාලිගාව පාළු කරදමනු ලැබේ.


ඔබ දුප්පතුන් පාගාදමා, ඔවුන්ගෙන් අධික ධාන්‍ය කොටසක් බලයෙන් ගන්නහු ය. ඒ නිසා ඔබ කැපූ ගලින් තනාගත් මන්දිරවල වාසය කරන්නේ වත්, වගා කළ සරු මිදි වතුවලින් මිදියුස බොන්නේ වත් නැත.


මේ රහස් එළිදරව් නොකර සිය සේවක දිවැසිවරුන් හට, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ සැබැවින් ම කිසිවක් නොකරන සේක.


සව් බලැති දෙවි සමිඳාණෝ මට කතා කොට, “ජීවිතාන්තය දක්වා නුඹේ මේ අපරාධ කමා නොකරන බව සව් බලැති දෙවි සමිඳාණන් වන මම නුඹලාට කියමි”යි වදාළ සේක.


රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය.


සමිඳාණන් වහන්සේ අණ කරන විට ලොකු කුඩා ගෙවල් සියල්ල සුණු විසුණු වනු ඇත.


බලකොටුවලින් ආරක්ෂා කරන ලද නුවර නටබුන් වී ඇත; පාළු කාන්තාරයක් මෙන් එය ජනහීන වී ඇත. වස්සා එහි තණ කනු ඇත; එහි ලැග අතු බුදිනු ඇත.


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


මෙසේ වූයේ ජෙරමියාගේ මුඛයෙන් කියවන ලද සමිඳාණන් වහන්සේගේ වචනය සම්පූර්ණ වන පිණිස ය. ඒ වචනය නම්, “නොපවත්වන ලද සබත් විශ්‍රාමය පිරිමසන පිණිස සැත්තෑ අවුරුද්දක් දේශය පාළු වනු ඇත” යන්න යි.


බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය.


ඔහු නටබුන් නගර හිමි කරගත්තේ ය; ගරා වැටුණු ගෙවල වාසය කෙළේ ය; ඒවා ගල් ගොඩවල් බවට පත් වන්නේ ය.


ඔහුගේ තණ්හාවට ගොදුරු නොවූ දෙයක් තවත් ඇද් ද? ඔහුගේ සැප සම්පත චිරස්ථායික නොවේ.


ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්