Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 41:28 - Sinhala New Revised Version 2018

28 දෙවිවරුන් අතරේ මා සෝදිසි කළ විට ඔවුන්ගෙන් කිසිවෙකුට කියන්න දෙයක් නුවූ බව මට පෙනුණේ ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගෙන් කිසිවෙකුට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 දෙවිවරුන් අතරේ මා සෝදිසි කළ විට ඔවුන්ගෙන් කිසිවෙකුට කියන්න දෙයක් නුවූ බව මට පෙනුණේ ය. මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔවුන්ගෙන් කිසිවෙකුට නොහැකි විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මා විසින් බලන කල කිසිවෙක් නැත. මා ඔවුන්ගෙන් අසන කල කිසි උත්තරයක් දෙන්ට පුළුවන් මන්ත්‍රියෙක් ඔවුන් අතරේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 41:28
9 හුවමාරු යොමු  

මා බැලූ කල මට උදව් වන්න කිසිවෙකු නොසිටි බව දුටු විට මම පුදුම වීමි. එහෙත්, මාගේ කෝපයෙන් මම වේගවත් ව මාගේ ම ශක්තියෙන් ජය අත්කර ගතිමි.


පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක. එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.


ගළවන්න මා ආ විට, කිසිවෙකු නොසිටියේත්, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු නුදුන්නේත් මන් ද? ඔවුන් ගළවා ගැනීමට මට ශක්තිය නැද් ද? ඔවුන් මිදීමට මා තුළ බලය නැද් ද? මෙය සිතට ගන්න. මාගේ ආඥාවකින් මුහුද වියළවා යවන්නත්, ගංගාව කාන්තාරයක් බවට හරවන්නත් මට හැකි ය. වතුර නැති නිසා එහි සිටින මසුන් පිපාසයෙන් මැරී ගඳ ගසනු ඇත.


ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.


මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්