Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 40:4 - Sinhala New Revised Version 2018

4 සියලු මිටියාවත් පුරවනු ලබන්නේ ය; සියලු කඳු හෙල් කපා පහත් කරනු ලබන්නේ ය; සියලු හෙල් සමතලා කරනු ලබන්නේ ය; රළු තැන් සුමුදු කරනු ලබන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සියලු මිටියාවත් පුරවනු ලබන්නේ ය; සියලු කඳු හෙල් කපා පහත් කරනු ලබන්නේ ය; සියලු හෙල් සමතලා කරනු ලබන්නේ ය; රළු තැන් සුමුදු කරනු ලබන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 සියලු මිටි තැන් උස්වන්නේය, සියලු කඳු හා හෙල් පහත්කරනු ලබන්නේය. ඇද තැන් ඇදහරිනු ලබන්නේය, රළු තැන් සමතලාකරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 40:4
18 හුවමාරු යොමු  

සියලු කඳුරැළි පුරවනු ලැබේ;


ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘කිරීටය ගලවා දමන්න; ඔටුන්න ඉවත් කරන්න; මෙය තිබුණ අන්දමට ම නොවන්නේ ය. පහත් දේ උසස් කරන්න; උසස් දේ පහත් කරන්න.


මෙ‍ය මම ඔබට කියමි; දමිටු යයි ගණන් ගනු ලැබ ගෙදර ගියේ පරිසිවරයා නොව, මේ අයකැමියා ය. තමා ම උසස් කරගන්නා හැම දෙන ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලබන්නේ ය.”


“මම නුඹට පෙරටුවෙන් ගොස් කඳු සමතලා කොට, ලෝකඩ දොරටු බිඳදමා, යකඩ අගුල් කඩාදමන්නෙමි.


එවිට, ස්වාමීන් වන මා උස් ගහ පහත් කළ බවත්, මිටි ගහ උස් කළ බවත්, සරු ගහ වියළි කළ බවත්, වියළි ගහ සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි; වදාළ ලෙස ම කරමි.”


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.


කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!


ඔවුන්ගේ ක්‍රියා වංක ය; ඔවුන්ගේ මාවත් ඇද ය.


මෙසේ කියන හඬට සවන් දෙන්න: “වනාන්තරයේ සමිඳුන් හට මාවතක් එළි කරන්න; පාළුකරයේ අපේ දෙවිඳුන් හට මහ පාරක් සාදන්න.


සමිඳුන්ගේ තේජාලංකාරය එවිට එළිදරව් වන්නේ ය. සකල මිනිස් වර්ගයා එය නරඹන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ම ය.”


මම කඳු හරහා මහා මාවත් සාදා මාගේ සෙනඟ ගමන් කරන පිණිස මාර්ගයක් සූදානම් කරන්නෙමි.


විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”


ජෙරුසලම් ජනයෙනි, පිට වී යන්න; දොරටුවලින් පිට වී ගොස් ආපසු එන සෙනඟට මාර්ගයක් පිළියෙළ කරන්න. මහා මාවත් ඉදිකරන්න; ගල් ඉවත් කරන්න. ජනයන්ට ධජ සංකේතය ඔසවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්