Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 40:15 - Sinhala New Revised Version 2018

15 ජාතීහු සමිඳුන් හට කළයෙන් හැළෙන දිය පොදක් ද තරාදියේ ඇති ධූලි බිඳක් ද හා සමාන ය. දුර පිහිටි දිවයින් තරාදියේ කිරා බලන ධූලි පිඬක් හා සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ජාතීහු සමිඳුන් හට කළයෙන් හැළෙන දිය පොදක් ද තරාදියේ ඇති ධූලි බිඳක් ද හා සමාන ය. දුර පිහිටි දිවයින් තරාදියේ කිරා බලන ධූලි පිඬක් හා සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් ඔසවනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 40:15
17 හුවමාරු යොමු  

එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.


ලෝකය මැවුයේ, පොළොවෙන් ඉහළ අහසින් එපිට සිංහාසනයේ වැඩ සිටින තැනැන් වහන්සේ ය. එතුමන්ට ලෝ වැසියන් පෙනෙන්නේ කුරා කුහුඹුවන් සේ ය. මිහිමත වාසය කරන පිණිස එතුමාණෝ අහස ඇතිරිල්ලක් මෙන් විහිදුවා, කූඩාරමක් මෙන් දිගහැර දුන් සේක.


එහෙත්, එම්බා ජෙරුසලම! ඔබට පහර දෙන විදේශීන් සියලු දෙන දූවිල්ල මෙන් ගසාගෙන යනු ඇත; ඔවුන්ගේ භයානක හමුදා පිදුරු මෙන් පහ වී යනු ඇත.


ඒ කාලය පැමිණි විට සමිඳාණන් වහන්සේ අසිරියාවේ ද මිසරයේ ද පත්‍රෝසේ ද එතියෝපියාවේ ද ඒලාමේ ද ෂීනාරේ ද හමාතේ ද මුහුදේ දිවයින්වල ද ඉතිරි වූ සිය පිරිස ආපසු ගෙනෙන්නට සිය බලය නැවත මෙහෙයවන සේක.


එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.


සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.


මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත.


මා කර ඇති දේ දැක ද්වීප හා මුහුදුබඩ වාසීහු බියෙන් වෙවුළුවෝ ය. ඒ නිසා ඔව්හු එක් රැස් වූ හ.


මොවුන්ගෙන් වෙරළබඩ පෙදෙස්වලට සහ දිවයින්වලට ජනතාව පැතිරී ගිය හ. කණ්ඩායම් වශයෙන් තමන්ගේ ම භාෂාව කතා කරන, විවිධ ගෝත්‍රවලට අයත්, විවිධ රටවල වසන මොවුහු ජපෙත්ගේ පරම්පරාවෙන් පැවත එන්නෝ වෙති.


පහළ පෙළේ අය සුළං රොදකි; ඉහළ පෙළේ අය මායාවකි; කිරා බලන විට දෙපක්ෂය ම සැහැල්ලු ය. සුළං රොදකටත් වඩා සැහැල්ලු ය.


හුස්ම ටික පමණක් වන මිනිසා කෙරෙහි විශ්වාස නොකරන්න. ඔහුගේ වටිනාකම කුමක් ද?


වේගවත් රළ පතර මෙන් ඔවුන් ඉදිරියට ආවත්, දෙවිඳාණෝ ඔවුන්ට තරවටු කරන සේක. එවිට කඳු බෑවුම්වල තිබෙන ධූලි සුළඟටත්, බොල් වී, සුළි සුළඟටත් ගසාගන යන්නාක් මෙන් ඔව්හු පසු බසින්නෝ ය.


බලහත්කාරකම කෙරෙහි විශ්වාසය නොතබන්න; කොල්ලකාගත් දේ ගැන සිත යොමු නොකරන්න; වස්තුව වැඩි වුණත් ඊට ඇලුම් නොවන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්