Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 38:3 - Sinhala New Revised Version 2018

3 “අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 “අහෝ සමිඳාණන් වහන්ස! මා විශ්වාසී ලෙසත්, අවංක සිතකිනුත් ඔබට සේවයකර, ඔබේ ඇස් හමුවෙහි හරි ව තිබෙන දේ කළ බව සිහිකළ මැනව” කියා තදින් හැඬුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කළ බව සිහිකළ මැනවයි කියා තදින් ඇඬුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 38:3
40 හුවමාරු යොමු  

මන්ද, ඔබගේ සේවය ද, ඔබ සැදැහැවතුන්ට කළා වූ, කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන්වූ ප්‍රේමය ද අමතක කිරීමට තරම් උන් වහන්සේ අසාධාරණ නොවන සේක.


ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.


“මාගේ දෙවියන් වහන්ස, මා කළ මේ දේ සිහි කළ මැනව. මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා ද එහි නමස්කාරය උදෙසා ද මා කළ යහපත් ක්‍රියා අමතක නොකළ මැනව.”


අපගේ පාරට්ටුව මෙයයි. එනම්, ලෝකයා අතරත් විශේෂයෙන් ඔබ අතරත් අපගේ හැසිරීම, ලෞකික ප්‍රඥාවෙන් නොව දේව වරප්‍රසාදයෙන් ද දෙවියන් වහන්සේ දුන් ශුද්ධවන්තකමින් ද අවංකකමින් ද පාලනය වූ බවට අපගේ හෘදය සාක්ෂිය සහතික කරයි.


ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක.


තවද, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන පිණිස පිරිසිදු වී අවුත්, දොරටු රැකවල් කරන ලෙස මම ලෙවීවරුන්ට අණ කෙළෙමි. “මාගේ දෙවියන් වහන්ස, මේ නිසාත් මා සිහි කර ඔබේ ඉමහත් කරුණාව පරිද්දෙන් මට දයා වී වදාළ මැනව.”


“මාගේ දෙවියන් වහන්ස, මේ සෙනඟ උදෙසා මා කළ සියල්ල මාගේ යහපත පිණිස සිහි කළ මැනව.”


ඔබට සෙත සැලසෙන ලෙස සමිඳාණන් වහන්සේ කියන පරිදි සාධාරණ වූ ද, යහපත් වූ ද දේ කරන්න. එවිට උන් වහන්සේ ඔබේ පියවරුන්ට පොරොන්දු වූ සරුසාර රටට ඔබ ඇතුල් වී එය අයිති කරගැනීමට ද,


සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.


ඔබේ ආඥා ද ශික්ෂා ද පනත් ද පිළිපදින්නටත්, මේ සියල්ල ම ඉෂ්ට කරන්නටත්, මා සූදානම් කර තිබෙන මාලිගාව ගොඩනඟන්නටත් මාගේ පුත් සලමොන්ට ස්ථිර සිතක් දුන මැනව.”


ඔහු දේව දූතයෙකු සමඟ පොරබදා ජයගත්තේ ය. ඔහු හඬා ආශීර්වාදයක් ඉල්ලුවේ ය. උන් වහන්සේ ඔහුට සම්බ විය. උන් වහන්සේ බෙතෙල්හි දී ඔහු සමඟ කතා කළ සේක.


මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පනත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.


මාගේ කෑම අළු ය; මාගේ බීම කඳුළින් මුසු ය.


වරදක් ගැන සමිඳාණන් වහන්සේගෙන් චෝදනාවක් නොලබන, වංක සිතක් නොමැති මිනිසා ආසිරි ලද්දෙකි.


නිදොස් මඟෙහි සිහි නුවණින් ගමන් කරන්නෙමි. ඔබ කවදා මා වෙත වඩින සේක් ද? පිරිසිදු සිතින් මාගේ නිවසෙහි මම වාසය කරන්නෙමි.


ඔබේ මහා කරුණාව මාගේ දෙනෙතින් දිටිමි. ඔබට විශ්වාසී ව දවස් යැවීමි.


හිමිතුමාණන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.


තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මාගේ යහපත පිණිස මා සිහි කළ මැනව.”


මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:


මෙසේ එස්රා අඬමින් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියේ මුණින්තළා වී යාච්ඤා කර පාපෝච්චාරණය කරමින් සිටිය දී, පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද ළමයින්ගෙන් ද යුත් ඉශ්රායෙල්වරු ඉතා විශාල සමූහයක් ඔහු වෙත රැස්වුණෝ ය. ඔව්හු මහා දුකින් හැඬූ හ.


ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය. එහෙත්, එසේ කෙළේ මුළු සිතින් නොවේ.


මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය.


සෙනඟ එසේ කැමැත්තෙන් ම ඒවා ඔප්පු කළ බැවින් ඔව්හු ප්‍රීති වුණෝ ය. මන්ද, ඔවුන් අවංක සිතකින් සමිඳාණන් වහන්සේට ඒවා පූජා කළ බැවිනි. දාවිත් රජු ද ඉමහත් ප්‍රීතියකට පත් විය.


ඔබ එසේ කළොත්, සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි, ‘ඔබේ දරුදැරියෝ තම තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු සිතින් ද මා ඉදිරියෙහි සත්‍යවාදී ව හැසිරෙන ලෙස තමන්ගේ ජීවන මාර්ගය ගැන බලාගන්නෝ නම්, ඉශ්රායෙල්වරුන්ගේ සිංහාසනය අරා හිඳීමට ඔබට කෙනෙක් නැති ව නොයන්නේ ය.’


ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,


නෝවා පිළිබඳ පුවත මෙසේ ය; ඔහු සත්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය.


එහෙත්, කඳු මත පූජාස්ථාන පහ නොකරන ලද්දේ ය. එසේ වී නමුත්, ආසාගේ සිත ඔහුගේ මුළු ජීවිත කාලයේ දී සමිඳාණන් වහන්සේ කෙරෙහි සම්පූර්ණයෙන් විශ්වාසී ව තිබිණි.


“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


මම සෝදුකින් වෑරී සිටිමි. හැම රැයක ම කඳුළු සැලීමෙන් යහන තෙත් වී ඇත; කඳුළු දහරින් කොට්ටය පෙඟී ඇත;


එවිට හෙසකියා සිය මුහුණ බිත්තිය දෙසට හරවාගෙන සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්,


එවිට සමිඳාණන් වහන්සේ යෙසායාට අණ කරමින්,


ඔහුගේ පිය වූ දාවිත් කළ සියල්ල ලෙස ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි හරි දේ කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්