Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 37:21 - Sinhala New Revised Version 2018

21 එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිළිබඳ ව කළ යාච්ඤාවට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර මේ යැයි ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා තෙමේ හෙසකියා රජ වෙත පණිවුඩයක් යැව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එවිට අසිරියාවේ රජු වන සෙනකෙරිබ් පිළිබඳ ව කළ යාච්ඤාවට ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර මේ යැයි ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා තෙමේ හෙසකියා රජ වෙත පණිවුඩයක් යැව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එවිට ආමොස්ගේ පුත්‍රවූ යෙසායා හෙසකියාට මෙසේ කියා ඇරියේය: අෂූර්හි රජවූ සෙනකෙරීබ් ගැන නුඹ මට යාච්ඤාකළ බැවින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 37:21
12 හුවමාරු යොමු  

මෙසේ යාච්ඤා කළ පසු, ඔවුන් රැස් ව සිටි ස්ථානය කම්පා විය. ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයාණන්ගෙන් පිරී, දෙවියන් වහන්සේගේ වචනය නිර්භීත ලෙස ප්‍රකාශ කළහ.


ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.


එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,


ඔහු ගෝණි රෙදි ඇඳගෙන සිටි රජ ගෙදර ප්‍රධානියා වන එලියාකිම් ද ලේකම් වන ෂෙබ්නා ද ජ්‍යෙෂ්ඨ පූජකයන් ද ආමොස්ගේ පුත්‍ර වූ යෙසායා දිවැසිවරයා වෙත යැව්වේ ය.


ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.


ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත.


තමාගේ අවවාදය ලෙස නො‍කරන ලද බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම් කොට, පිටත් ව සිය නගරයේ තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, පවුලේ කටයුතු ගැන විධි විධාන යොදා එල්ලී මැරුණේ ය. ඔහු තම පියාගේ සොහොන් ගෙයි තැන්පත් කරනු ලැබී ය.


අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.


හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ රජ වූ සෙනකෙරිබ් ජුදාහි රජවරුන්ගේ නගරවලට විරුද්ධ ව අවුත් ඒවා අල්ලාගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්