Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 36:18 - Sinhala New Revised Version 2018

18 සමිඳාණන් වහන්සේ ඔබ හැම ගළවාගන්න සේකැ යි කියමින් ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. අන් ජාතීන්ගේ දෙවිවරු අසිරියාවේ අධිරාජයාගෙන් ඒ ජාතීන් බේරා ගත්තෝ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 සමිඳාණන් වහන්සේ ඔබ හැම ගළවාගන්න සේකැ යි කියමින් ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්න. අන් ජාතීන්ගේ දෙවිවරු අසිරියාවේ අධිරාජයාගෙන් ඒ ජාතීන් බේරා ගත්තෝ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 ස්වාමීන්වහන්සේ අප ගළවාගන්නසේකැයි කියා හෙසකියා නුඹලා නොපොළඹවන ලෙස බලාගන්න. ජාතීන්ගේ දෙවිවරුන්ගෙන් කවුරු තම තමුන්ගේ දේශ අෂූර්හි රජුගේ අතින් කිසිසේත් ගළවාගත්තෝද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 36:18
25 හුවමාරු යොමු  

‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවාගන්නා සේක’ කියා ද, ‘ඒ නිසා ඔබ හැමගේ නුවර අල්ලාගන්න උන් වහන්සේ අසිරියාවට නොදෙන සේක’ කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඔබ හැම කැමැති කරවා ගැනීමට හෙසකියා රජුට ඉඩ නොදෙන්න.


ජුදාවේ රජ වූ හෙසකියාට මෙසේ කියන්න කීවේ ය: “මාගේ අතට ජෙරුසලම අසු නොවන්නේ යයි කියන, ඔබ විශ්වාසය තබන දෙවියන් වහන්සේගේ වචනයට නොරැවටෙන්න.


ඔබේ රටට මා පහර දී එය විනාශ කෙළේ සමිඳාණන් වහන්සේගේ උපකාරය නැති ව ය කියා ඔබ සිතන්නෙහි ද? ඔබේ රටට පහර දී එය විනාශ කරන්න කියා මට කීවේ සමිඳාණන් වහන්සේ ම ය.”


ඔහු තවදුරටත් කතා කරමින් මෙසේ කී ය: “ඔබ සමහරවිට, ‘අපේ දෙවි වන සමිඳාණන් වහන්සේ කෙරෙහි අපි විශ්වාස කරමු’යි මට කියනවා ඇත. එහෙත්, එම දෙවි සමිඳාණන් වහන්සේගේ සිද්ධස්ථාන හා පූජාසන කඩා දැමුවේත්, එක ම පූජාසනයක් ඉදිරියේ නමස්කාර කරන්න ජුදාවේ හා ජෙරුසලමේ වැසියන්ට නියම කෙළේත් හෙසකියා රජු ම නොවේ ද?


ඔව්හු මෙසේ උදන් අනති: “අප රිසි දෙය අපි කියමු; කුමට ද අප නිහඬ වන්නේ? කවුරු ද එය නවතන්නේ?”


නුවරින් පිටත මා සමඟ සාමය පිහිටුවන්න. එවිට එතුමා ධාන්‍ය හා මුද්‍රික පානය ද කෑම හා මිදි වතු ද ඇති ඔබේ දේශයට සමාන වූ දේශයකට ගෙන ගොස් ඔබ පදිංචි කරවන තුරු ඔබ කාටත් තම තමාගේ මුද්‍රික වැලෙන් ද තම තමාගේ අත්තික්කා ගසෙන් ද කන්නත්, තම තමන්ගේ ළිඳෙන් බොන්නත් ඉඩ දෙන්නේ ය.


අසිරියාවේ අධිරාජයා ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස ඔහුගේ ප්‍රධාන නිලධාරියා වන රබ්-ෂාකේ ලවා කියවූ වචන අපේ දෙවි වන සමිඳාණන් වහන්සේට ඇසෙන්න ඇත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ අපහාසයන් අසා ඒවා කී අයට දඬුවම් කරන සේක්වා. එබැවින් ඉතිරි ව සිටින සෙනඟ උදෙසා දෙවියන් වහන්සේට යාච්ඤා කරන්න.”


අසිරියාවේ රජවරුන් සියලු දේශයන් සහමුලින් ම විනාශ කළ හැටි ඔබ අසා ඇත. එසේනම්, ඔබට ගැළවෙන්න පුළුවන් යයි ඔබ සිතන්නෙහි ද?


එහෙත්, අසිරියාවේ රජුගේ සිතේ වෙන ම සාහසික අදහසක් ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීමට ඔහු අධිෂ්ඨාන කර ඇත.


සමාරිය හා එහි ඇති පිළිම මම විනාශ කෙළෙමි. එසේ ම ජෙරුසලම ද එහි ඇති පිළිම ද මම විනාශ කරමි.”


“ඒ නිසා ඒ ගස වනයේ සියලු ගස්වලට වඩා උස ය. බොහෝ වතුර ලැබුණු නිසා, එහි අතු වැඩි වී දිගට ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්