Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 33:8 - Sinhala New Revised Version 2018

8 මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති. ඔවුන් ගිවිසුම අවලංගුකර ඇත; පොරොන්දු කඩකර ඇත; කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 මහා මාවත් අන්තරායදායක බැවින් කිසිවෙක් එහි ගමන් නොකරති. ඔවුන් ගිවිසුම අවලංගුකර ඇත; පොරොන්දු කඩකර ඇත; කිසිවෙකුට තවත් ගරු නොකරනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 මහමාවත් පාළුවී තිබේ, මගයන කෙනෙක් නැත. ඔහු ගිවිසුම කඩකෙළේය, නුවරවල් සුළුකෙළේය, ඔහු කිසි මනුෂ්‍යයෙකු නොසලකයි

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 33:8
16 හුවමාරු යොමු  

අනාත්ගේ පුත් ෂම්ගර්ගේ කාලයේ දී, ජායෙල් සිටි අවදියේ මහ මාවත්වල තවලම් නොගියේ ය. මගීහු අතුරු මාර්ගවලින් ගියහ.


ශුද්ධවන්තකමේ මාර්ගය යන නමින් මහා මාවතක් එහි ඇති වේ. පවිටුන්ට එහි ගමන් කළ නොහැකි ය. අනුවණයන් ද එහි මුළා නොවේ.


මංගල්‍ය රැස්වීමට එන කෙනෙකු නැති බැවින් සියොන් වැසියෝ වැලපෙන්නාහ. ඇගේ සියලු දොරටු පාළු වී තිබේ. ඇගේ පූජකයෝ සුසුම්ලති. ඇගේ කාන්තාවෝ ශෝකයෙන් පෙළෙති. ඈ බොහෝ සේ දුක් විඳියි.


හෙසකියා රජුගේ දහහතර වන අවුරුද්දේ දී අසිරියාවේ අධිරාජයා වූ සෙනකෙරිබ් පවුරුවලින් ආරක්ෂා කරන ලද ජුදාහි නගරවලට පහර දී ඒවා අල්ලාගත්තේ ය.


ඒ මිනිසා සැම විට ම සව් ඉසුරෙන් වැජඹෙනු ඇත. ඉහළින් එන දෙව් නියමය ගැන නම් කිසි දැනුමක් ඔහුට නැත. සිය සතුරන්ට ඔහු නිගා කරයි.


දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.


තවදුරටත් ඒ පිලිස්තියයා කතා කරමින්, “මම ඉශ්රායෙල් සේනාවට අද දවසේ අභියෝග කරමි. මා සමඟ සටන් කරන්නට මිනිසෙකු තෝරා ඉදිරිපත් කරන්නැ”යි කීවේ ය.


ඒ මහල්ලා තම හිස ඔසවා නුවර වීදියේ හුන් ඒ මඟියා දැක, “ඔබ කොතැනට යන්නෙහි ද? කොතැන සිට එන්නෙහි දැ”යි ඇසී ය.


සෙනඟ විසින් දෙවිඳුන්ගේ නීති නියෝග හා අණපනත් ද ගිවිසුම ද කඩ කරන ලද බැවින් පොළොව දූෂණය වී ඇත.


මම නුඹලා අතරට චණ්ඩ මෘගයන් එවන්නෙමි. ඒ මෘගයෝ නුඹලාගේ දරුවන් මරා, ගවයන් වනසා, නුඹලාගේ ජන සංබ්‍යාව අඩු කරන්නෝ ය. එවිට මාවත් ද පාළු වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්