Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 31:6 - Sinhala New Revised Version 2018

6 “ඉශ්රායෙල් වැසියෙනි, නුඹලා මට විරුද්ධ ව පව් කොට මා ප්‍රතික්ෂේප කළහු ය. දැන් ඉතින් මා වෙත හැරී එන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 “ඉශ්රායෙල් වැසියෙනි, නුඹලා මට විරුද්ධ ව පව් කොට මා ප්‍රතික්ෂේප කළහු ය. දැන් ඉතින් මා වෙත හැරී එන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, නුඹලා විසින් බොහෝසෙයින් අත්හරිනු ලැබූ තැනන්වහන්සේ වෙතට හැරෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 31:6
23 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේට විපක්ෂ ව ගිය දරුවෙනි, ආපසු හැරී එන්න. මම නුඹලාගේ ද්‍රෝහිකම නවත්වා නුඹලා සුව කරන්නෙමි. එවිට නුඹලා මෙසේ පිළිතුරු දෙන්නහු ය: ‘මෙන්න අපි ඔබ වහන්සේ වෙත පැමිණ සිටිමු; මන්ද, ඔබ වහන්සේ අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය.


“මා කෙරෙන් වෙන් ව ගිය දරුවෙනි, මා නුඹලාගේ ස්වාමීන් වන බැවින් මා වෙත හැරී එන්න. මම නගරයකින් එක් කෙනෙකු ද වංශයකින් දෙදෙනෙකු ද නුඹලා අතරෙන් පිළිගෙන සියොන් කන්දට පමුණුවන්නෙමි.


මේ සියල්ල කළ පසු ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා සැබෑ සිතින් නොව ව්‍යාජ සිතින් මා වෙත හැරී ආවා ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.


පළමුකොට දමස්කයේ හා ජෙරුසලමේ ද පසුව ජුදා රට මුළුල්ලෙහි ද වැසියන්ටත්, විජාතීන්ටත්, පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙත හැරී, පසුතැවී සිත් හරවා ගත් බව දක්වන ක්‍රියා කරන්නැ යි ප්‍රකාශ කෙළෙමි.


එබැවින්, ඔබේ පව් මකාලන පිණිස ද දෙවියන් වහන්සේ කෙරෙන් නව ජීවන යුගයක් පැමිණෙන පිණිස ද


ගිබියාහි දී මෙන් ඔව්හු අතිශයෙන් දූෂණය වී සිටිති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ පව් සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම් දෙන සේක.”


එහෙත් ජනයෙනි, මේ සෙනඟට මුරණ්ඩු කැරලිකාර සිතක් ඇත. සෙනඟ ඉවතට හැරී මා අත්හැර ගොස් ඇත.


මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.


තමන්ගේ අදහස් සඟවාගන්න උත්සාහ කරන අයට වන විපතක මහත! ඔව්හු රහසේ තමන්ගේ උපායයන් යොදමින්, කිසිවෙකු ඔවුන් දකින්නේ වත්, ඔවුන් කරන දේ දැන ගන්නේ වත් නැතැ යි සිතති.


පූජකයන්ගේ සියලු ප්‍රධානීහු ද සෙනඟ ද ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා හැටියට බොහෝ සේ අපරාධ කරමින්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමෙහි විශුද්ධ කළ උන් වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝ ය.


ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්,


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.


මම නුඹලාගේ වැරදි වලාකුළක් මෙන් ද, නුඹලාගේ පව් මීදුමක් මෙන් ද පහකර දැමුවෙමි. නුඹලා ගළවන දෙවිඳුන් මා වන බැවින් මා වෙත හැරී එන්න.


නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?


කිසිවෙකු මැරෙනවාට මාගේ කැමැත්තක් නැත. එබැවින්, පාපයෙන් හැරී ජීවත් වන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”


එබැවින් සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේකැ යි කියන්න. ‘මා වෙත හැරී එන්න. මම ද නුඹලා වෙත හැරී එන්නෙමි.


උතුරු දෙසට ගොස් ඉශ්රායෙල්ට මෙසේ පවසන්නට යයි උන් වහන්සේ මට වදාළ සේක: “ඉවත් ව ගිය ඉශ්රායෙල් ආපසු හැරී එන්න. ස්වාමීන් වන දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක. මම කරුණාවන්ත බැවින් නුඹ දෙස කෝපයෙන් නොබලන්නෙමි; සදහට ම උදහස තබා නොගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්