Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙසායා 28:25 - Sinhala New Revised Version 2018

25 කෙත සූදානම් කරගත් විට, ඔහු කොල්ලු හා දුරු එහි වපුරන්නේ ය. තිරිඟු හා බාර්ලි පේළි වශයෙන් එහි සිටුවන්නේ ය. කෙතේ මායිම්හි සෙසු වර්ගවල බීජ පැළ කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 කෙත සූදානම් කරගත් විට, ඔහු කොල්ලු හා දුරු එහි වපුරන්නේ ය. තිරිඟු හා බාර්ලි පේළි වශයෙන් එහි සිටුවන්නේ ය. කෙතේ මායිම්හි සෙසු වර්ගවල බීජ පැළ කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ඔහු බිම සමතලාකොට, කොල්ලු ඉස, දුරු වපුරා, තිරිඟු පේළි වශයෙන්ද යව ඊට නියම ඉඩමේද තණහාල් එහි මායිමේද හිටවනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 28:25
5 හුවමාරු යොමු  

කිසි ම ගොවියෙක් වපුරන පිණිස සෑම දා ම කෙත හාමින්, සූදානම් කරමින් කල් නොයවන්නේ ය.


දෙවිඳුන් ඔහුට උගන්වා ඇති බැවින් තමාගේ වැඩය කිරීමට ඔහු දනියි.


“තවද, නුඹ තිරිඟු, යව, මෑ, කොල්ලු, කුරක්කන් හා තණහාල් රැගෙන, ඒවා භාජනයක තබා එයින් රො‍ටි සාදාගන්න. නුඹ එක පසෙකට දිගා වී සිටින දවස් ගණන වන දවස් තුන්සිය අනූව තුළ ඒවා අනුභව කරන්න.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ සුවඳතලා, ශතපුෂ්ප, සුදුදුරු යන මෙයින් දසයෙන් කොටස දෙන්නහු ය. එහෙත්, යුක්තිය ද දයාව ද ඇදහිල්ල ද යන ව්‍යවස්ථාවලියේ වඩා බරපතල කාරණා ඔබ පැහැර හරින්නහු ය. ඒවාත් පැහැර නොහැර, මේවාත් පිළිපැදිය යුතු ව තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්