Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 22:23 - Sinhala New Revised Version 2018

23 මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මම සවිකළ ඇණයක් මෙන් ඔහු සිය තනතුරෙහි තිරසර ලෙස පිහිටුවන්නෙමි. ඔහුගේ මුළු වංශයට ඔහු ගෞරවයක් වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 මම සවි තැනක ඇණයක් මෙන් ඔහු පිහිටුවන්නෙමි; ඔහු වනාහි තමාගේ පිය වංශයට ඉසුරුමත් ආසනයක් පිණිස වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 22:23
12 හුවමාරු යොමු  

එතුමාණෝ, දැහැමියන්ට රැකවරණය දෙන සේක; සිහසුන් අරා, නිරිඳුන් මෙන් ගෞරවයෙන් සැම දා රට පාලනය කරන්නට ඔවුන්ට ඉඩ දෙන සේක.


එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය.


මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත.


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.


මා ජයගෙන, පියාණන් වහන්සේ සමඟ, උන් වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත්තාක් මෙන්, ජයග්‍රාහකයාට ද මාගේ සිංහාසනයෙහි මා සමඟ හිඳගැන්මට දෙන්නෙමි.


නැණවතුන්ගේ බස් එඬේරුන්ගේ තියුණු උල් සහිත කෙවිටිවලට ද ඔවුන්ගේ හිතෝපදේශ ලීයට තදින් ගැසූ ඇණවලට ද සමාන ය. එය එන්නේ, සකල ලෝක වාසීන්ගේ අසහාය නායකයාණන්ගෙනි.


“ඔහුගේ ඥාතීහු ද ඔහුගේ භාරය යටතේ සිටින සියලු දෙනා ද ඔහුට බරක් වන්නෝ ය. ඇණයක එල්ලා ඇති හැලි වළං මෙන් ඔවුන් ඔහුගේ ඇඟේ එල්ලෙනු ඇත.


එසේ වූ විට ස්ථිර ව සවිකළ ඇණය බුරුල් වී වැටෙන්නේ ය. එහි එල්ලා තිබුණු සියල්ල ගැළවී වැටී යන්නේ ය. එහි අවසානයත් එය ම වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණන් වහන්සේ ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්