Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 22:10 - Sinhala New Revised Version 2018

10 නුඹලා ජෙරුසලමේ තිබූ සියලු ගෙවල් ගණන් කොට නගරයේ පවුරු අලුත් වැඩියා කිරීමට ඒ ගෙවල් සමහරකින් ගල් ලබාගන්න පිණිස ඒවා බිඳදැමුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 නුඹලා ජෙරුසලමේ තිබූ සියලු ගෙවල් ගණන් කොට නගරයේ පවුරු අලුත් වැඩියා කිරීමට ඒ ගෙවල් සමහරකින් ගල් ලබාගන්න පිණිස ඒවා බිඳදැමුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යෙරුසලමේද ගෙවල් ගණන්කොට පවුර සවිකරන පිණිස ගෙවල් බිඳ හෙළූය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 22:10
7 හුවමාරු යොමු  

ජෙරුසලමේ පවුරු කැඩී බිඳී තිබූ තැන් නුඹලා සටහන් කරගත්තහු ය. පහළ පොකුණෙන් වතුර රැස් කරගත්තහු ය.


පරණ පොකුණෙන් ගලා එන වතුර රඳවා ගැනීමට නුඹලා බිත්ති දෙක අතර ජලාශයක් තනාගත්තහු ය. එහෙත්, නුඹලා මේ සියල්ල මීට බොහෝ කලකට පෙර සකස්කර, ඒ අයුරින් සිදු වන්න සැලැස්වූ දෙවියන් වහන්සේ සැලකුවේ නැත.


ඔබට දිවි දුන් පර්වතයාණන්, ඔබ නොසැලකුවහු ය. ඔබ මැවූ දෙවි තුමාණන්, ඔබ අමතක කළහු ය.


ඔහු මේ බලකොටු සවි කර, ඒවායේ අධිපතීන් සිටුවා, ඒවායේ ආහාර සහ තෙල් ද මුද්‍රික පානය ද රැස් කොට තැබී ය.


එකල සමිඳාණන් වහන්සේ යෙසායාට මෙසේ වදාළ සේක: “නුඹේ පුත්‍ර ෂෙයාර්-යාෂුබ් සමඟ ආහාස් රජු හමු වන්න යන්න. ඉහළ පොකුණෙන් වතුර ගෙනෙන කාණුවේ කෙළවර ඇති අපුල්ලන්නන්ගේ පිටියේ පිහිටි මාවතේ දී ඔහු නුඹට හමුවනු ඇත.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ජෙරුසලමේ ඇති ගෙවල් ද ජුදාවේ රාජ මාලිගාව ද බිඳ හෙළා ගොඩනඟන ලද පස් කඳුවලට විරුද්ධ ව බබිලෝනිවරුන් සමඟ සටන් කරන්නට ගියොත්, මාගේ උදහසින් ද කෝපයෙන් ද ගසා දමන අයගේ මළකඳන්වලින් නගරය පිරී යනු ඇත. සෙනඟ කර ඇති දුෂ්ට ක්‍රියා නිසා මම මේ නගරයෙන් ඉවතට හැරී සිටිමි.


කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්