Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 2:3 - Sinhala New Revised Version 2018

3 බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 බොහෝ දෙනෙකු පැමිණ මෙසේ කියනු ඇත: ‘එන්න, අපි යමු; සමිඳුන්ගේ කන්දට නඟිමු; ඉශ්රායෙල් දෙවිඳුන්ගේ මැදුරට පිවිසෙමු; එතුමාණන් පෙන්වන මාර්ගය ගැන ඉගෙන එහි ගමන්ගන්න අපට හැකි වනු ඇත.’ මන්ද, සමිඳුන්ගේ පණිවුඩය පැමිණෙන්නේ සියොන් කන්දෙන් ය; එතුමන් සෙනඟට කතා කරන්නේ ජෙරුසලමෙන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 බොහෝ ජනයෝද පිටත්ව කථාකොට: එන්න, ස්වාමීන්වහන්සේගේ කන්දටත් යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ ගෘහයටත් යමු; උන්වහන්සේ තමන්ගේ මාර්ග අපට උගන්වනසේක, අපිද උන්වහන්සේගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය. මක්නිසාද ව්‍යවස්ථාව සියොනෙන්ද ස්වාමීන්වහන්සේගේ වචනය යෙරුසලමෙන්ද නික්ම යන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 2:3
39 හුවමාරු යොමු  

ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.


සමිඳාණන් සියොන්හි සිට ජයකොන්තය ඔබ අතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මැනව.


යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය.


“ඔබ අයිති කරගන්නට යන දේශයෙහි පිළිපැදිය යුතු, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ඉගැන්වීමට අණ කළ, අණපනත් ද නීති හා නියෝග ද මේවා ය.


මන්ද, ‘නැඟිටින්න, සියොන් කන්දට අපේ දෙවි ස්වාමීන් වහන්සේ වෙත නැඟී යමු’යි එප්‍රායිම් කඳුවල රැකවලුන් හඬ නඟන දවසක් පැමිණෙන්නේ ය.”


එහෙත් ඔව්හු සවන් නුදුන්නාහු දැ යි මම ප්‍රශ්න කරමි. සැබැවින් ම ඔව්හු සවන් දුන්නාහු ය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත; ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත.”


උන් වහන්සේ ද, “එසේ ය, දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින අය ඊටත් වඩා භාග්‍යවන්ත ය”යි වදාළ සේක.


“එහෙයින් යමෙක් මාගේ වචන අසා, ඒවා පිළිපදී ද, ඔහු පර්වතය මත තමාගේ ගෙය තනාගත් නැණවතෙකුට සමාන ය.


එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය.


එහෙයින් එකෙණෙහි ම මම ඔබ කැඳවා යැවීමි; ඔබේ පැමිණීම ඉතා හොඳ ය. දැන් සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ සියල්ල අසන පිණිස අපි සියල්ලෝ මෙහි දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටිමු”යි කී ය.


එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂිකාරයෝ වන්නහු ය”යි වදාළ සේක.


ඔබ නමස්කාර කරන්නේ ඔබ හරියට ම නො දන්නා කෙනෙකුට ය; අප නමස්කාර කරන්නේ අප දන්නා කෙනෙකුට ය. මන්ද, ගැළවීම පැමිණෙන්නේ ජුදෙව්වරුන්ගෙන් ය.


ඔව්හු කන්දට සෙනඟ කැඳවති, දැහැමි පූජා එහි පුදති. සමුදුරේ ඇති සම්පත ද වෙරළෙහි සැඟවුණු නිධානය ද ඔව්හු ඇදගනිති.”


අප දෙව් නුවර වන එතුමාණන්ගේ ශුද්ධ කන්දෙහි හිමිතුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.


ඔබේ පනත් ඔබ මට උගන්වන බැවින් මා මුව ඔබට පැසසුම් ගී පිළිරැව් දේ වා!


“දෙව් මැදුරට යමු”යි ඔවුන් මට කී විට මම ප්‍රීතියෙන් පිනා ගියෙමි.


ඔව්හු මට චෝදනා කරමින් මෙසේ කියති: “ඔහු දහම උගන්වන්න එන්නේ කාට ද? ඔහුගේ පණිවුඩය වුවමනා කාට ද? එය සුදුසු වන්නේ කිරි වැරූ දරුවන්ට පමණ යි.


මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය. එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය.


ඔවුන්ගේ දවන යාග පූජා හා පුද පූජා මාගේ පූජාසනය පිට පිළිගනු ලබන්නේ ය. මන්ද, ‘මාගේ දේව මාලිගාව සියලු ජාතීන් හට යාච්ඤා ගෘහය’ය යි කියනු ලබන්නේ ය.


ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.


එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,


ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් සියලු දෙනා ජාතීන් අතරෙන් මට පඬුරක් මෙන් ගෙනෙන්නෝ ය. ඔව්හු, අශ්වයන් පිටින් ද රථවලින් දෝලාවලින් ද අශ්වතරයන් පිටින් ද ඔටුවන් පිටින් ද මාගේ ශුද්ධ කන්ද වන ජෙරුසලමට පිරිසිදු භාජනයක ධාන්‍ය පූජා ගෙනෙනු ලබන සේ ගෙනෙන්නෝ ය.


“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.


දෙවියන් වහන්සේගේ දර්ශන මඟින් ඉශ්රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස් වූ කන්දක් මත මා සිටෙවූ සේක. ඒ කන්ද පිට නුවරක් වැනි නිර්මාණයක් මා ඉදිරියෙහි තිබිණි.


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.


අපි සමිඳාණන් වහන්සේ දැන හැඳින ගැනීමට වීර්ය කරමු. හිරු උදා වෙන සේ නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේක. වර්ෂාව මෙන්, පොළොව තෙමන මෝසම් වැසි මෙන් නිසැක ව ම උන් වහන්සේ අප වෙත පැමිණෙන සේකැ”යි සෙනඟ කියති.


‘එන්න, අපි සමිඳුන්ගේ කන්දට යමු; ජාකොබ්ගේ දෙවිඳුන්ගේ මාලිගාවට යමු. එවිට ස්වකීය මාර්ගය ගැන එතුමාණන් අපට උගන්වනු ඇත: අපි ද එතුමාණන්ගේ මාර්ගවල ගමන් කරන්නෙමු’යි කියන්නෝ ය. මන්ද, සමිඳුන්ගේ නීතිය සියොන් කන්දෙන් ද එතුමාණන්ගේ ඉගැන්වීම ජෙරුසලමෙන් ද නිකුත් වන්නේ ය.


එතුමාණෝ තරුණ වියේ දී මාගේ ශක්තිය හීන කළ සේක; මාගේ ජීවිත කාලය කෙටි කළ සේක.


පෙර සිටියාක් මෙන් විනිශ්චයකාරයන් ද අනුශාසකයන් ද මම නුඹලාට නැවත දෙන්නෙමි. එවිට, ‘ජෙරුසලම ධර්මිෂ්ඨ නුවර ය, විශ්වාසවන්ත නුවර ය’යි කියනු ලැබේ.”


දාවිත් රජුගේ වංශයෙන් උද්ගත වන රජතුමා ජාතීන් හට සංඥාවක් වන කාලය පැමිණෙන්නේ ය. ජාතීහු එතුමන් සොයා යන්නෝ ය; එතුමන්ගේ වාසභවනය මහිමයෙන් පිරී යන්නේ ය.


ඒ දවස පැමිණි විට මිසරයේ සිට අසිරියාව දක්වා මහා මාවතක් වන්නේ ය. එහි සිටින සෙනඟ මේ දෙරට අතරේ ඔබමොබ ගමන් කරනු ඇත. මිසරවරුන් ද අසිරියන්වරුන් ද එකට නමස්කාර කරනු ඇත.


සෙනඟ අතරෙන් එක් කෙනෙකු, ‘මා සමිඳාණන් ය’යි කියනු ඇත. තව කෙනෙකු, ‘මා ඉශ්රායෙල් සෙනඟට සම්බන්ධ ය’යි කියනු ඇත. තව කෙනෙකු, තමාගේ අතේ සමිඳුන්ගේ නම කොටාගෙන, තමාත් ‘දෙවිඳුන්ගේ සෙනඟට අයිති ය’යි කියනු ඇත.


ඔව්හු මාගේ සෙනඟට බාල් දෙවියා ගැන දිවුරන්නට ඉගැන්වූ පරිදි, මාගේ සෙනඟගේ දහම් මඟ මුළු සිතින් පිළිගෙන, ‘ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ය’ කියා මාගේ නමින් දිවුරන්නට ඉගෙනගන්නෝ නම්, ඔව්හු ද මාගේ සෙනඟගේ කොටසක් වී සමෘද්ධිමත් වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්