Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 2:21 - Sinhala New Revised Version 2018

21 සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද බේරෙන පිණිස සෙනඟ ගල්ගුහා, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 2:21
12 හුවමාරු යොමු  

සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.


සමිඳුන් උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස ඔව්හු ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.


කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න; ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න; ඔබේ කට හඬ මිහිරි ය; ඔබේ මුහුණ සෝබන ය.”


අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.


මාගේ මහිමාලංකාරය නුඹ පසු කර යන විට මම නුඹ කඳු විවරයක පිහිටුවා, නුඹ පසු කර යන තෙක්, මම නුඹ අතින් වසාලන්නෙමි.


මහ පොළොවේ පදනම් කම්පා කරවන සේක; එහි කණු සොලවන සේක;


භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය. බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය. මන්ද අහසේ කවුළු විවෘත ව ඇත. පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය.


සමිඳාණෝ ජාතීන් හට මෙසේ වදාරන සේක: “දැන් මම ක්‍රියා කරන්නෙමි; මා කොතරම් බලවත් ද කියා පෙන්වන්නෙමි.


“මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.


ඔව්හු සියල්ලෝ ම අවුත්, පාළු මිටියාවත්වල ද පර්වත විවරවල ද සියලු කටු ගස්වල ද සෑම තණ බිම්වල ද රැඳෙන්නෝ ය.


ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්