Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 16:1 - Sinhala New Revised Version 2018

1 මෝවබ්හි සෙනඟ කාන්තාරයේ පිහිටි සේලා නගරයේ සිට ජෙරුසලමේ ආණ්ඩුකාරයා වෙත තෑග්ගක් ලෙස බැටළු පැටවුන් යවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මෝවබ්හි සෙනඟ කාන්තාරයේ පිහිටි සේලා නගරයේ සිට ජෙරුසලමේ ආණ්ඩුකාරයා වෙත තෑග්ගක් ලෙස බැටළු පැටවුන් යවන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 කාන්තාරය දෙස පිහිටා තිබෙන සේලා සිට සියොන් දුවගේ කන්දට, දේශයේ ආණ්ඩුකාරයාට, බැටළු පැටවුන් යවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 16:1
8 හුවමාරු යොමු  

සතුරෝ අද නොබ් නගරයට පැමිණ සිටිති. එහි සිටිමින් ඔව්හු සියොන් කන්දටත්, ජෙරුසලම් නුවරටත් විරුද්ධ ව අත් අමෝරාගෙන සිටිති.


මෝවබ්හි රජු වූ මෙෂා බැටළු හිමියෙකු ව සිටියේ ය. ඔහු ඉශ්රායෙල් රජුට එක්ලක්ෂයක් බැටළු පැටවුන්ගේ ද එක්ලක්ෂයක් බැටළුවන්ගේ ද ලෝම කප්පම් දෙන සිරිතක් තිබිණි.


ඔහු ‘ලුණු’ මිටියාවතේ දී ඒදොම්වරුන් දසදහසක් මරා, යුද්ධ කොට සේලා අල්ලාගෙන, අද දක්වා තිබෙන හැටියට ඊට ජොක්තෙයෙල් යන නම තැබී ය.


ඔහු මෝවබ්වරුන්ටත් පහර දී, ඔවුන්ට බිම දිගා වන්නට සලස්වා ලණුවකින් මැන්නේ ය. මරණයට පත් කිරීමට පේළි දෙකක් ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේළියක් ද මැන වෙන් කෙළේ ය. මෙසේ මෝවබ්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූ හ.


කාන්තාරය හා එහි නගර ද කේදාර්හි සිටින සෙනඟ ද සේලා නගර වැසි සියල්ලෝ ද කඳු මුදුන්වල සිට ප්‍රීති ඝෝෂා නඟත් වා!


එබැවින් මේ මුදල වැය කළ යුත්තේ, ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒ සමඟ ඕනෑ කරන ආහාර පූජා සහ පානීය පූජා ද ගැනීමට පමණකි. ජෙරුසලමෙහි තිබෙන, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනය පිට ඒවා ඔප්පු කරන්න.


එම්බා සෙනඟගේ මුර අට්ටාලය, සියොන් පුරඟනගේ බලකොටුව, ඔබ වෙත නැවතත් පළමු ආණ්ඩුව පැමිණෙන්නේ ය. ජෙරුසලම් පුරඟනගේ රාජ්‍යය පැමිණෙන්නේ ය.


“ දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්