Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 14:20 - Sinhala New Revised Version 2018

20 ඔබ ඔබේ දේශය නාස්ති කොට, ඔබේ සෙනඟ මරාදැමූ බැවින්, අන් රජවරුන් භූමදාන කරනු ලබන්නාක් මෙන් ඔබ භූමදාන කරනු නොලබන්නෙහි ය. ඔබේ දුෂ්ට පවුලේ කිසිවෙකුත් සිහියට පවා නොගැනෙති!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔබ ඔබේ දේශය නාස්ති කොට, ඔබේ සෙනඟ මරාදැමූ බැවින්, අන් රජවරුන් භූමදාන කරනු ලබන්නාක් මෙන් ඔබ භූමදාන කරනු නොලබන්නෙහි ය. ඔබේ දුෂ්ට පවුලේ කිසිවෙකුත් සිහියට පවා නොගැනෙති!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුඹ නුඹේ දේශය නාස්තිකොට, නුඹේ සෙනඟ මරාදැමූ බැවින්, ඔවුන් සමඟ වළලනු නොලබන්නෙහිය; නපුර කරන්නන්ගේ වංශය කවදාවත් සඳහන්කරනු නොලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 14:20
13 හුවමාරු යොමු  

ඔබ ඔවුන්ගේ දූ දරුවන් සිඳ දමන සේක; ඔවුන්ගේ මුණුබුරන් මිනිස් ලොවින් සහමුලින් වනසන සේක.


ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත; ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත.


ඔහුගෙන් පැවත එන්නෝ වැනසී යත් වා! මීළඟ පරම්පරාවේ දී ඔවුන්ගේ නම මැකී යේ වා!


හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.


අනේ! පාපිෂ්ඨ ජාතියක් ද අපරාධයෙන් බර සෙනඟක් ද නපුර කරන වංශයක් ද දුෂ්ට ලෙස ක්‍රියාකරන දරුවන් ද වන ඔවුන් සමිඳුන් අත්හැර, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ හෙළා දැක, එතුමන්ට පිටුපා ඇත.


ඔහු වනාහි, යටින් මුල් වියළී ගිය, උඩින් අතු කපාදමනු ලැබූ ගසක් වැනි ය.


මනුෂ්‍යයෙකුට දාව දූදරුවන් සියයක් උපන්නත්, ඔහු දිගායු වැළඳුවත්, ඔහු සැපසම්පතින් තෘප්තියට පැමිණෙන්නේ වත්, ඔහුට සුදුසු භූමදානයක් ලැබෙන්නේ වත් නැත්නම්, උපන් ගෙයි දී මළ දරුවෙක් ඔහුට වඩා හොඳ යයි කීමි.


එබැවින් සමිඳාණෝ තරුණයන් කිසිවෙකුට ගැළවී යන්න ඉඩ නොදෙන සේක; වැන්දඹුවන්ටත්, අනාථයන්ටත් අනුකම්පා නොකරන සේක. මන්ද, ඔව්හු සියල්ලෝ අභක්තිකයෝ ද නපුර කරන්නෝ ද වෙති. ඔවුන් කියන සියලු දේ බොරු ය. මේ සියල්ල සිදු වුවත් සමිඳුන්ගේ උදහස සන්සිඳී නැත. ඔවුන්ට දඬුවම් කරන පිණිස එතුමන්ගේ හස්තය තවමත් දිගු කර ඇත.


එතුමාණන් කරන දේ, එතුමාණෝ හොඳින් දන්න සේක. එතුමාණෝ විනාශය එවන සේක. දුෂ්ටයන්ට ද ඔවුන් ආරක්ෂා කරන අයට ද දඬුවම් කරන බවට එතුමන් කරන තර්ජන ඉටුකරන සේක.


ඔව්හු ඈ තැන්පත් කරන්නට ගිය විට ඇගේ හිස් කබල ද පාද ද දෑත ද මිස ඇගෙන් වෙන කිසිවක් සම්බ නොවී,


මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත. සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්