Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 10:34 - Sinhala New Revised Version 2018

34 වනය මැද ඇති ගස් පොරොවකින් කපාදමනු ලබන සේ සමිඳාණෝ ඔවුන් සිඳදමන සේක. ලෙබනොන්හි අනගි ගස් ඇද වැටෙන්නා සේ ඔව්හු ඇද වැටෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 වනය මැද ඇති ගස් පොරොවකින් කපාදමනු ලබන සේ සමිඳාණෝ ඔවුන් සිඳදමන සේක. ලෙබනොන්හි අනගි ගස් ඇද වැටෙන්නා සේ ඔව්හු ඇද වැටෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 උන්වහන්සේ කැලෑවේ අකුල් යකඩෙන් කපාදමනසේක, ලෙබනොන්ද බලවන්තයෙක් කරණකොටගෙන වැටෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 10:34
19 හුවමාරු යොමු  

නුඹේ රථ වාහන මඟින් නුඹ උස් කඳු, ලෙබනොන් කන්ද, ලෙබනොන් කන්දේ මුදුන පවා, අල්ලාගත්තෙහි යයි මා ඉදිරියේ නුඹේ සේවකයන් ලවා පුරසාරම් දෙඩෙව්වෙහි ය. එහි උස් වූ කිහිරි ගස් හා අනගි දේවදාර ගස් නුඹ කපාදැම්මෙහි යයි ද කඳු මුදුන්වලට හා වනාන්තරවල ඉතා දුර තැන්වලට නුඹ ගියෙහි යයි ද ආඩම්බරයෙන් කීවෙහි ය.


එවිට බලසම්පන්න දේව දූතයෙක් මහා ඇඹරුම් ගලක් වැනි ගලක් ගෙන, මෙසේ කියමින්, එය මුහුදේ හෙළී ය: “මෙලෙස ඒ මහා නුවර වූ බබිලෝනිය දරුණු අයුරින් හෙළාදමනු ලබන්නේ ය. එය නැත්තට ම නැති වී යයි.


ඉන්පසු තවත් බලවත් දේව දූතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය.


පරාක්‍රමයෙන් හා බලයෙන් ඔවුන්ට වඩා උතුම් දේව දූතයෝ වුව ද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ස්වර්ගයේ උත්තමයන්ට නින්දා සහගත චෝදනාවක් නොකරති.


දුක් විඳින ඔබට හා අපට සහනය ද දෙන සේක. මෙය සිදු වන්නේ ජේසුස් සමිඳාණන් වහන්සේ ස්වකීය බලසම්පන්න දූතයන් සමඟ ස්වර්ගයෙන් ප්‍රකාශ වන කල්හි ය.


සමිඳාණන් වහන්සේ මෙසේ පවසන සේක: “අසිරියානුවරුන් බලවත් විශාල සංබ්‍යාවක් වන නමුත්, ඔව්හු විනාශ කරනු ලැබ නැත්තට ම නැති වී යන්නෝ ය. මාගේ සෙනඟෙනි, නුඹලාට, මා පීඩා කළ නමුත්, මම තවත් පීඩා නොකරන්නෙමි.


මෝවබ්හි කීර්තිය පහ වී ගොස් ඇත. ‘අපි මෝවබ් ජාතිය නැත්තට ම විනාශ කරමු’යි කියමින් හෙෂ්බොන්හි දී සතුරෝ කුමන්ත්‍රණ කරති. මද්මේන් නගරය නිහඬ වන්නේ ය. සතුරු සේනා ඊට පහර දෙන්නෝ ය.


එය විනාශ කිරීමට මම අවිගත් සෙනඟක් සූදානම් කරමි. ඔව්හු අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝ ය.


ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.


“එකල අසිරියන්වරු යුද්ධයේ දී මනුෂ්‍ය බලයකින් නොව, ඊට වඩා අධික බලයකින් විනාශ වන්නෝ ය. ඔව්හු යුද්ධයෙන් පලා යන්නෝ ය. ඔවුන්ගේ තරුණයෝ වහල්ලු වන්නෝ ය.


මාරක රෝගයක් මිනිසෙකු විනාශ කරදමන්නා සේ වන ලැහැබ ද පල බර වූ වතු ද සහමුලින් ම විනාශ කරදමනු ලබන්නේ ය.


සමිඳුන්ගේ අණ පිළිපදින, එතුමාණන්ගේ වචනයට සවන් දෙන, එතුමාණන්ගේ බලවන්ත දූතයෙනි, එතුමාණෝ පසසන්න.


ලෙබනොන්හි ඇති උස් කිහිරි ගස් සියල්ල ද විනාශ කරන සේක; බාෂාන්හි ඇති ආලෝන ගස් ද


දේශය පාළු වී හිස් වී ඇත. ලෙබනොනය වියළී ගොස් ඇත. ශාරොන් කාන්තාරයක් වී ඇත. බාෂාන් හා කර්මෙල් ගස්වලින් කොළ හැළේ.


“නුඹ වනාහි සෙවණ ගෙන දෙන, ශෝභන අතු ඇති, වලාකුළුවල ගෑවෙන තරම් උසැති ලෙබනොන්හි කිහිරි ගසකට සමාන ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්