Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 5:9 - Sinhala New Revised Version 2018

9 සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 සහෝදරයිනි ඔබ විනිශ්චය කරනු නො ලබන පිණිස, එකිනෙකාට එරෙහිව මැසිවිලි නො නගන්න. මෙන්න! විනිසුරුවාණෝ දොරකඩම සිටින සේක!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 සහෝදරයෙනි, නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස එකිනෙකාට විරුද්ධව නොකොඳුරන්න. බලව, විනිශ්චයකාරයාණන්වහන්සේ දොරකඩ ඉදිරියෙහි සිටිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 5:9
21 හුවමාරු යොමු  

කෙනෙකුගෙන් පළි නොගත යුතු ය. නුඹලාගේ ජනයාට විරුද්ධ ව බද්ධ වෛරයක් තබා නොගත යුතු ය. නුඹ නුඹට ප්‍රේම කරන ලෙස ම නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.


සහෝදරයෙනි, එකිනෙකාට විරුද්ධ ව ඕපාදූප නොදොඩන්න. සහෝදරයෙකුට විරුද්ධ ව ඕපාදූප කියන්නා, නැතහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්නා ව්‍යවස්ථාවට අපහාස කරන්නේ ය; ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ ය. ඉදින් ඔබ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නෙහි නම්, ඔබ ව්‍යවස්ථාව පිළිපදින්නෙක් නොව එය විනිශ්චය කරන්නෙකි.


එලෙස ම ඔබත් මේ සියල්ල සිදුවනු දකින විට උන් වහන්සේ දොරකඩ ම යයි දැන ගන්න.


මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න.


නුඹ යහපත කරන්නෙහි නම් නුඹ පිළිගනු ලබන්නෙහි ය. නුඹ අයහපත කරන්නෙහි නම් පාපය රකුසෙකු සේ නුඹේ දොරකඩ ලැග සිටින්නේ ය. ඌ නුඹ මැඩලීමට බලාගෙන සිටියි; එහෙත්, නුඹට ඌ දමනය කළ හැකි ය”යි වදාළ සේක.


නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.


ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන්නට සිටින තැනැන් වහන්සේට ඔවුන් වග උත්තර දිය යුතු ව ඇත.


මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි.


මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි.


එලෙස ම මේ දෙය සිදු වනු ඔබ දකිත් ම, උන් වහන්සේ දොරකඩ ළඟ ම ය යි දැනගන්න.


එක් එක්කෙනා අකමැත්තෙන් වත් බලකිරීම නිසා වත් නොව, සිය කැමැත්තෙන් තීරණය කරගත් ලෙස දිය යුතු ය. සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරන සේක.


හෙරෝදියස් ඔහු කෙරේ වෛර බැඳ, ඔහු මරවන්නට අදහස් කරගෙන සිටියා ය. එහෙත්, එය කළ නොහැකි විය.


ඔව්හු ගොදුරු සොය සොයා සැරිසරන්නෝ ය; ඔව්හු සෑහීමට පත් නොවුවොත් ගොරවන්නෝ ය.


මෙන්න, මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මාගේ හඬ අසා දොර අරින්නේ නම් මම ඇතුළු වී, ඔහු සමඟ කෑම කන්නෙමි. ඔහු ද මා සමඟ කෑම කන්නේ ය.


“කාලය පැමිණ තිබේ. දවස ළඟා වී තිබේ; මිලයට ගන්නා ප්‍රීති නො වේ වා; විකුණන්නා නොවැලපේවා. මන්ද, උදහස එහි මුළු සමූහයා පිට පැමිණ තිබේ.


ඇත්තේ එක ම නීති දායකයෙකි; එක ම විනිශ්චයකාරයෙකි. ගළවන්නට ද විනාශ කරන්නට ද පුළුවන්කම ඇත්තේ උන් වහන්සේට පමණකි. එසේ නම් ඔබේ අසල්වැසියා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද?


එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි.


සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්