Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 3:5 - Sinhala New Revised Version 2018

5 එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එලෙස ම දිව කුඩා අවයවයක් වුව ද එය ලොකුවට පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොපමණ මහත් ළැව් ගින්නක් හටගනී ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 එසේම දිව කුඩා අවයවයකි. එහෙත් එය මහා පුරසාරම් දොඩයි. කුඩා ගිනි පුපුරකින් කොතරම් මහා වනයක් ගිනි අවුළා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එලෙසම දිව කුඩා අවයවයක් නුමුත් ලොකුවට පාරට්ටුකරයි. කුඩා ගින්නකින් කොපමණ මහත් වනාන්තරයක් පත්තුවෙනවා නොවේද? දිවද ගින්නක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 3:5
25 හුවමාරු යොමු  

ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත; ඒවායේ ප්‍රතිවිපාක ඔබේ ම වගකීම ය.


කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.


පැණවතාගේ බස් දැනුම පතුරුවයි; අනුවණයාගේ මුවින් මෝඩකම ගලා යයි.


මා සතුරන්ට දයාව නැත; ඔව්හු උඩඟුකමින් බස් තෙපලති.


මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


දුදනන්ගේ පාරට්ටුව තමන් ගැන ම වෙයි. මසුරු දනෝ සමිඳුන්ට නිගා කරති, එතුමාණෝ හෙළා දකිති.


“මනුෂ්‍ය පුත්‍රය, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි තීර්ගේ අධිපතියාට කියන්න. නුඹ දෙවි කෙනෙකු නොව, මනුෂ්‍යයෙකු වන නමුත්, නුඹේ සිත උඩඟු වී, මම දෙවි කෙනෙක්මි. මුහුද මැද මම දෙවි කෙනෙකුගේ ආසනයේ වැඩහිඳිමි යි කියමින්, නුඹ දෙවිඳුන්ට සමාන ය යි සිතන්නෙහි ය.


ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.


එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව. සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය.


සතුරා මෙසේ උදන් අනයි: “මම ලුහුබැඳ යන්නෙමි, ඔවුන් අල්ලාගන්නෙමි, කොල්ලය බෙදන්නෙමි, මා මනෙදාළ සපුරා ගන්නෙමි, මම කඩුව අදින්නෙමි, මා අතින් ඔවුන් වනසන්නෙමි.”


නුඹ කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නයිල් ගඟ මැද ලගින, නයිල් ගඟ මාගේ ම ය කියාත්, මම ම ඒක සාදාගත්තෙමි කියාත් කියන මහ කිඹුලා වන මිසරයේ පාරාවෝ රජුනි, මෙන්න, මම නුඹට විරුද්ධ වෙමි.


පාරාවෝ පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ නම් කවරෙක් ද? ඉශ්රායෙල් ජනයාට යන්න අවසර දීමට මා ඒ හඬට අවනත විය යුත්තේ මන් ද? මම සමිඳාණන් වහන්සේ නාඳුනමි. ඉශ්රායෙල් ජනයාට යන්න මා අවසර දෙන්නේ නැතැ”යි කී ය.


මම මෙසේ පැවසීමි: “වචනයෙන් පව් නොකරන පිණිස හැසිරීම ගැන ප්‍රවේසම් වෙමි; දුදනන් මා අබිමුව සිටිය දී කට රැකගනිමි.”


දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි.


නැව් ගැන සිතන්න, නැවක් කෙතරම් විශාල වුව ද, සැඬ සුළඟට ගසාගෙන යන විට, ඉතා කුඩා සුක්කානමකින් නැව්පතියා එය තමා රිසි සේ හරවාගෙන යයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්