Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 1:1 - Sinhala New Revised Version 2018

1 ජෝතාම්, ආහාස් හා හෙසකියා ජුදාහි රජකම් කරන කාලයේ දී, සමාරිය හා ජෙරුසලම සම්බන්ධ ව දර්ශන මඟින් මෝරෙෂෙත්හි මීකාට සමිඳාණන් වහන්සේ ප්‍රකාශ කළ පණිවුඩය මෙය වේ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජෝතාම්, ආහාස් හා හෙසකියා ජුදාහි රජකම් කරන කාලයේ දී, සමාරිය හා ජෙරුසලම සම්බන්ධ ව දර්ශන මඟින් මෝරෙෂෙත්හි මීකාට සමිඳාණන් වහන්සේ ප්‍රකාශ කළ පණිවුඩය මෙය වේ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 යෝතාම්ද ආහාස්ද හෙසකියාද යන යූදාහි රජවරුන්ගේ දවස්වලදී මොරෂ්තිය මීකා වෙතට පැමින්නාවූ, සමාරිය සහ යෙරුසලම ගැන ඔහු දුටුවාවූ ස්වාමීන්වහන්සේගේ වචනයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 1:1
27 හුවමාරු යොමු  

“ජුදාහි රජු වූ හෙසකියාගේ කාලයේ දී මොරෂ්තියේ දිවැසිවර මීකා ජුදාහි මුළු සෙනඟට කතා කොට, ‘සියොන් කෙතක් මෙන් හානු ලබන්නේ ය; ජෙරුසලම නටබුන් ගොඩක් වන්නේ ය; දේව මාලිගාව ඇති කන්ද කැළෑවක් වන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාළ සේකැ’යි කී ය.


ජුදාහි රජවරුන් වූ උශ්ශියාගේ ද ජෝතාම්ගේ ද ආහාස්ගේ ද හෙසකියාගේ ද කාලයන්හි දී ජුදා දේශය හා ජෙරුසලම පිළිබඳ ව ආමොස්ගේ පුත් යෙසායාට දෙවියන් වහන්සේ එළිදරව් කළ පණිවුඩ මේ පොතේ සටහන් කර ඇත.


උශ්ශියා, ජෝතාම්, ආහාස් සහ හෙසකියා පිළිවෙළින් ජුදාහි රජවරුන් වූ කාලයේ දී ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි රජ ව සිටි කාලයේ දී ද බෙයේරිගේ පුත් හොසියාට සමිඳාණන් වහන්සේ දුන් පණිවුඩය මෙසේ ය:


මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.


මේ සියල්ල සිදු වන්නේ, ජාකොබ් සෙනඟගේ අපරාධ හා ඉශ්රායෙල් වංශයේ පාප නිසා ය. ජාකොබ්ගේ අපරාධය කුමක් ද? සමාරිය නොවේ ද? ජුදාහි සෙනඟගේ ගිරිකුළු දේවාල මොනවා ද? ජෙරුසලම නොවේ ද?


සියොන්හි සැප පහසුවෙන් කල් යවන, සමාරිය කඳුකරේ තමන් සුරක්ෂිත යයි සිතන, ඉශ්රායෙල්‍ සෙනඟ උදව් පිණිස සොයා යන ප්‍රසිද්ධ ජාතීන්ගේ උත්තමයන් ලෙස සැලකෙන ඔබට වන විපතක මහත!


“ඉශ්රායෙල් දේශයේ සෙනඟ ඔවුන්ගේ මැවුම්කාරයාණන් අමතක කර, තමන්ට මාලිගා තනාගත්හ. ජුදා දේශයේ සෙනඟ සුරක්ෂිත වන පිණිස බලකොටු නගර වැඩි වැඩියෙන් තනාගත්හ. එවිට සමිඳාණන් වහන්සේ ඔවුන්ගේ ඒ නගර පිට ගින්නක් එවන සේක, එයින් එහි මාලිගා දැවී වැනසෙනු ඇත.”


“එම්බා ඉශ්රායෙල්වරුනි, නුඹලා වේශ්‍යාකම් කරන නමුත්, ජුදා එම වරද නොකෙරේ වා! ගිල්ගාලයට වත්, බෙත්-ආවෙන්‍ට වත් ගොස් නමස්කාර නොකරන්න; ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් එහි දී නොදිවුරන්න.


ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”


හබක්කුක් නම් දිවැසිවරයා දර්ශනයකින් ලත් දිව්‍ය ප්‍රකාශනය මෙය වේ.


මන්ද කිසි ම දිවැස් වැකියක් කිසි කලෙක මනුෂ්‍ය ප්‍රයත්නයකින් ඇති නො වී ය. මනුෂ්‍යයෝ ශුද්ධාත්මානුභාවයෙන් පොළඹවනු ලැබ දෙවියන් වහන්සේගේ වචනය කතා කළහ.


සමිඳාණන් වහන්සේ රජුට පහර දුන් සේක. ඔහු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියෙකු ව, වෙන ම ගෙයක වාසය කෙළේ ය. රජුගේ පුත් ජෝතාම් රජ ගෙදර ප්‍රධානියා ව සිට දේශයේ සෙනඟ පාලනය කෙළේ ය.


රෙමලියාගේ පුත් ඉශ්රායෙල්හි රජු වන පෙකාගේ දෙ වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ උශ්ශියාගේ පුත් ජෝතාම් රජ විය.


රෙමලියාගේ පුත් පෙකාගේ දහහත් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ජෝතාම්ගේ පුත් ආහාස් රජ විය.


ඒලාගේ පුත් ඉශ්රායෙල් රජු වන හෝෂෙයාගේ තුන් වන අවුරුද්දේ දී ජුදාහි රජ වූ ආහාස්ගේ පුත් හෙසකියා රජ විය.


ආහාස් විසි අවුරුදු වයසේ දී රජ වී ජෙරුසලමෙහි දහසය අවුරුද්දක් රජකම් කෙළේ ය.


හෙසකියා වයස අවුරුදු විසිපහේ දී රජ වී විසිනව අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මවගේ නම අබියා ය. ඈ ශෙකරියාගේ දුවකි.


උශ්ශියාගේ මුණුබුරා වූ ද ජෝතාම්ගේ පුත්‍රයා වූ ද ආහාස් ජුදාහි රජකම් කරන කාලයේ දී යුද්ධයක් හටගත්තේ ය. සිරියාවේ රජ වූ රෙශීන් ද රෙමලියාගේ පුත්‍ර වූ ඉශ්රායෙල්හි රජ වූ පෙකා ද ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කළ නමුත් ජයගන්න නොහැකි විය.


යුක්තිය පිළිකුල් කරන, ඇත්ත නැත්ත කරන ජාකොබ්ගේ වංශයේ නායකයෙනි, ඉශ්රායෙල් වංශයේ අධිපතියෙනි, මට සවන් දෙන්න.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සමිඳුන් වන මා කියන දේට අහස සවන් දෙන්න; පොළොව කන් දෙන්න. මා විසින් හදාවඩා, ඇතිදැඩි කරගන්නා ලද දරුවෝ ම මට විරුද්ධ ව කැරලි ගැසූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්