මලාකි 2:12 - Sinhala New Revised Version 201812 මෙසේ කරන යමෙක් සිටිත් නම්, සමිඳාණන් වහන්සේ ඔහු විනාශ කරන සේක් වා. ඔහු මින්පසු කවදා වත් සියලු බලැති සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරන අපේ ජාතියේ සෙනඟට අයිති නො වේ වා! පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 මෙසේ කරන යමෙක් සිටිත් නම්, සමිඳාණන් වහන්සේ ඔහු විනාශ කරන සේක් වා. ඔහු මින්පසු කවදා වත් සියලු බලැති සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරන අපේ ජාතියේ සෙනඟට අයිති නො වේ වා! පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 මෙසේ කරන මනුෂ්‍යයාගෙන් රැකවළා සහ උත්තරදෙන අයත් සේනාවල ස්වාමීන්වහන්සේට පූජාවක් ඔප්පුකරන්නාත් ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ කූඩාරම්වලින් සිඳදමනසේක. පරිච්ඡේදය බලන්න |
සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.