Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ෆිලෙමොන් 1:22 - Sinhala New Revised Version 2018

22 ඒ හැර, මට නවාතැනක් ද සූදානම් කරන්න. මන්ද, ඔබ හැමගේ යාච්ඤා කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඒ හැර, මට නවාතැනක් ද සූදානම් කරන්න. මන්ද, ඔබ හැමගේ යාච්ඤා කරණකොටගෙන දෙවියන් වහන්සේ ඔබ වෙත මා පමුණුවනු ඇතැ යි මම බලාපොරොත්තු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 ඒ හැර, නවාතැනක් මට සූදානම් කර තබන්න. මන්ද ඔබේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ඔබ අතරේ යළි මා පිහිටුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ඒ ඇර මට නවාතැනක් සූදානම් කරන්න. මක්නිසාද නුඹලාගේ යාච්ඤා කරණකොටගෙන මා නුඹලාට දෙනු ලැබේයයි බලාපොරොත්තුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ෆිලෙමොන් 1:22
13 හුවමාරු යොමු  

‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.


තවද ඔවුන් පාවුලුට දවසක් නියම කොට බොහෝ දෙනෙක් එදා ඔහුගේ නවාතැනට ආහ; ඔහු උදය පටන් සවස දක්වා දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට සාක්ෂි දෙමින්, ජේසුස් වහන්සේ ගැන ඔවුන් පහදන පිණිස මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙන් හා දිවැසිවරයන්ගේ පොත්වලින් කාරණා තේරුම් කර දුන්නේ ය.


එසේ යද්දී ඔබ දකින්ට ද, ටික කලක් ඔබ සමඟ නැවතීමේ ප්‍රීතිය විඳින්න ද ඉන්පසු ඔබේ ආධාරත් ඇති ව ඒ ගමන යන්න ද බලාපොරොත්තු වෙමි.


ඔබත් සහයෝගී ව, අප උදෙසා යාච්ඤා කළොත්, උන් වහන්සේ තවදුරටත් අප මුදාලන සේක. මෙලෙස දෙවියන් වහන්සේ අපට දුන් වරප්‍රසාදය ගැන බොහෝ දෙනෙකු උන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනු ඇත.


ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි.


සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි.


නොපමා ව මා ඔබ වෙත නැවත එන පිණිස, වඩාත් උනන්දු ලෙස යාච්ඤා කරන මෙන් ඉල්ලමි.


අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවී ආවොත්, මම ඔහු සමඟ ඔබ බලන්නට එන්නෙමි.


එබැවින් ඔබ එකිනෙකාට පාපෝච්චාරණය කර, සුවය ලබන පිණිස, එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. දැහැමි මිනිසෙකු යදින යැදුම බලවත් ය; පලදායක ය;


ඔබ වෙත ලියා එවන්නට මට බොහෝ කාරණා ඇත. ඒවා කඩදාසියක තීන්තෙන් ලිවීමට වඩා, අපේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ මුණගැසී කතා කිරීමට මම බලාපොරොත්තු වෙමි.


ඉක්මනින් ඔබ දකින්නට මා බලාපොරොත්තු වන බැවින්, අප මුණගැසුණ විට ඒ ගැන සාකච්ඡා කළ හැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්