Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:23 - Sinhala New Revised Version 2018

23 ඔබ අහසේ තාරකා මෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර, හිමි කරගන්නට ඔවුන්ට ඇතුළු විය යුතු ය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණෙවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔබ අහසේ තාරකා මෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර, හිමි කරගන්නට ඔවුන්ට ඇතුළු විය යුතු ය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණෙවූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔබ අහසේ තාරකාමෙන් ඔවුන්ගේ දරුවන් වැඩිකර, හිමිකරගන්ට ඔවුන් ඇතුල්විය යුතුය කියා ඔබ ඔවුන්ගේ පියවරුන්ට කී දේශයට ඔවුන් පැමිණෙවුසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:23
12 හුවමාරු යොමු  

මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය.


සමිඳාණන් වහන්සේ ද ඔහු පිටතට රැගෙන ගොස්, “අහස දෙස බලා, හැකි නම්, ඔය තාරකා ගණන් කරන්න; නුඹේ දරු පරපුර එසේ ම වන්නේ ය”යි වදාළ සේක.


එහෙත්, “අහසේ තාරකා මෙන් ඉශ්රායෙල්වරුන් වැඩි කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ කියා තිබුණ නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිත් ගණන් කෙළේ නැත.


මඳ කලක් මෙරට වසන්න. මම ඔබ සමඟ සිටිමි, ඔබට ආසිරි දෙමි; ඔබට ද ඔබ පරපුරට ද මේ මුළු දේශය මම දෙමි. මෙලෙස ඔබ පිය ආබ්‍රහම් හට මා දිවුළ දිවුරුම ඉටු කරමි.


නුඹ දැන් ආගන්තුක ව වසන මේ දේශය-මේ මුළු කානාන් දේශය, නුඹට ද, නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතට ද මම සදහට ම අයිති කොට දෙමි. මම ද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි.”


ඒ දවසේ දී සමිඳාණන් වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් පිහිටුවමින්, “මිසරයේ ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව දක්වා


එවිට සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට දර්ශනය වී, ඔහුට කතා කොට, “මම මේ දේශය නුඹේ පෙළපතට දෙන්නෙමි”යි වදාළ සේක. ආබ්‍රම් එහි දී තමන්ට දර්ශනය වූ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කෙළේ ය.


ඔබ ගණනින් අහසේ තරු මෙන් වැඩි වුවත්, දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට අකීකරු වූ බැවින් ගණනින් ස්වල්පයක් මෙන් ඉතිරි වන්නහු ය.


එහෙත් ඉශ්රායෙල් ජනයා සමෘද්ධ වී, බොහෝ සේ වර්ධනය වී, ගණනින් ද වැඩි වී, අතිශයින් බලවත් වූයෙන්, ඔවුන්ගෙන් රට පිරී ගියේ ය.


එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්