Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 9:21 - Sinhala New Revised Version 2018

21 එසේ ය, ඔබ හතළිස් අවුරුද්දක් පාළුකරයේ දී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට කිසි අගහිඟයක් නො වී ය. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණේ වත්, ඔවුන්ගේ පාද ඉදිමුණේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එසේ ය, ඔබ හතළිස් අවුරුද්දක් පාළුකරයේ දී ඔවුන් පෝෂණය කළ සේක. ඔවුන්ට කිසි අගහිඟයක් නො වී ය. ඔවුන්ගේ ඇඳුම් පරණ වුණේ වත්, ඔවුන්ගේ පාද ඉදිමුණේ වත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එසේය, ඔබ හතළිස් අවුරුද්දක් කාන්තාරයේදී ඔවුන් පෝෂණයකළසේක, ඔවුන්ට කිසි හිඟකමක් නොවීය; ඔවුන්ගේ ඇඳුම් පරණවුණේවත් ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:21
9 හුවමාරු යොමු  

ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.


ඒ අවුරුදු සතළිස තුළ ඔබ ඇඳ සිටි ඇඳුම් පරණ නො වී ය, ඔබේ පාද ඉදිමුණේ නැත.


ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; එහෙත්, හිමිතුමාණන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.


උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක.


“ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා සතළිස් අවුරුද්දක් මුළුල්ලේ පාළුකරයේ සිටිය මට පුද පූජා ඔප්පු කළහු ද? නැත.


සමිඳාණන් වහන්සේ ඔබට පාළුකරයේ දී හතළිස් අවුරුද්දක් මඟ පෙන්වූ සේක. ඔබ ඇඟ ලා ගත් ඇඳුම් පරණ නො වී ය. පය ලා ගත් වහන් පරණ නො වී ය.


තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.


ඉශ්රායෙල් ජනයා මනුෂ්‍ය පථයකට පැමිණෙන තෙක් අවුරුදු හතළිහක් මන්නා කෑ හ; එනම්, කානාන් දේශයේ සීමාවලට පැමිණෙන තෙක් ම ඔව්හු මන්නා කෑ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්