Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 9:13 - Sinhala New Revised Version 2018

13 ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පනත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කතා කර, සාධාරණ විනිශ්චයයන් ද සැබෑ ව්‍යවස්ථාවන් ද සුදුසු පණත් ද ආඥා ද ඔවුන්ට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ඔබ සීනයි කන්ද පිටට බැස, ස්වර්ගයේ සිට ඔවුන් සමඟ කථාකර, හරිවූ විනිශ්චයන්ද සැබෑ ව්‍යවස්ථාවන්ද යහපත් පනත්ද ආඥාද ඔවුන්ට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 9:13
27 හුවමාරු යොමු  

අන් දෙවිවරුන් කෙරෙහි ගරුබිය නොපවත්වා, උන් වහන්සේ ලියා දුන් නියෝග ද පනත් ද ව්‍යවස්ථා ද ආඥා ද සෑම කල්හි ම පවත්වන්නට බලාගන්න.


මේ එස්රා බබිලෝනියේ සිට පැමිණි කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන මනා දැනීමක් ඇති නීතිවේදියෙකි. ඔහු කෙරෙහි ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය තිබුණු බැවින් ඔහු ඉල්ලූ සියල්ල රජතුමා ඔහුට දුන්නේ ය.


සමිඳුනි, ඔබ දැහැමි ය; ඔබේ විනිසුම් සාධාරණ ය.


ඔබේ ව්‍යවස්ථාවේ හරය සත්‍යය වේ. ඔබේ සියලු දැහැමි විනිසුම් සදහට පවත්නේ ය.


අප ඔබේ නියෝග අනලස් ව පවත්වන පිණිස ඔබ ඒවා අපට නියම කළ සේක.


ඔහු ඔවුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ අණ කරන දේ මේ ය. එනම්, ‘හෙට වනාහි නිවාඩු දිනයකි, සමිඳාණන් වහන්සේට කැප කරන ලද සබත් දිනයකි. එබැවින් පිළිස්සීමට අවශ්‍ය නම්, පුළුස්සන්න, තැම්බීමට උවමනා යමක් නම්, තම්බන්න. ඉතිරි වන දේ ඔබේ ප්‍රයෝජනයට ගන්නා පිණිස හෙට වෙන තෙක් පැත්තකට කර තබාගන්නැ”යි කී ය.


තුන් වන දවසට සූදානම් ව සිටිය යුතුයි. තුන් වන දවසේ දී මුළු සෙනඟ බලාගෙන සිටින විට සමිඳාණන් වහන්සේ වන මම සීනයි කන්ද මත බැස එන්නෙමි.


දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක:


සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින් මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයාට නුඹ මෙසේ කියන්න, ‘මා ස්වර්ගයේ සිට නුඹලා සමඟ කතා කළ බව නුඹලා දුටුවහු ය.


ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත.


අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය.


සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්‍රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත.


මා කරන්නේ මා අකමැති දෙය බව මට හැඟේ නම්, එයින් නීතිය යහපත් බව මම ඒත්තු ගනිමි.


“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුණු සේක. දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.


ගින්න මැද සිට කතා කළ දෙවියන් වහන්සේට ඔබ සවන් දුන්නාක් මෙන් කිසියම් සෙනඟක් උන් වහන්සේගේ හඬට සවන් දී ජීවත් ව සිටිත් ද?


උන් වහන්සේ ඔබට උපදෙස් දෙනු සඳහා සිය හඬ ස්වර්ගයෙන් ඇසෙන්නට සැලැසූ සේක; මිහි පිට තම මහා ගින්න ඔබට දැක්වූ සේක. ගින්න මැද සිට උන් වහන්සේගේ කට හඬ ඔබට ඇසිණි.


මා අද දින ඔබ ඉදිරියෙහි තැබූ මේ සියලු නීති මෙන් සාධාරණ නීති හා නියෝග වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියක් සතු ව පවතී ද?


සමිඳාණන් වහන්සේ ගින්න මැද සිට කන්දේ දී මුහුණට මුහුණ ලා ඔබ සමඟ කතා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්