Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 2:4 - Sinhala New Revised Version 2018

4 එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 එවිට රජතුමා කතා කොට, “ඔබ ඉල්ලා සිටින්නේ කුමක් දැ”යි මාගෙන් ඇසී ය. එවිට, මම ස්වර්ගයේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 එවිට රජ: නුඹ ඉල්ලා සිටින්නේ කුමක්දැයි මාගෙන් ඇසීය. එවිට මම ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාච්ඤාකොට රජුට කථාකරමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 2:4
15 හුවමාරු යොමු  

හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.


මම ඒ වචන ඇසූ කල හිඳගෙන ඇඬුවෙමි. මම කීප දවසක් වැලපෙමින්, නිරාහාර ව සිටිමින් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෙසේ යාච්ඤා කෙළෙමි:


ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.


අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.


ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, “මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. “ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ”යි අන්ධයා උන් වහන්සේට කී ය.


ගිබියොන්හි දී සමිඳාණන් වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සලමොන්ට දර්ශනය වූ සේක. තවද, දෙවියන් වහන්සේ කතා කොට, “මා නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැ”යි වදාළ සේක.


අහිතොපෙල් කුමන්ත්‍රණ කාරයන් අතරේ අබ්සලොම් සමඟ සිටින බව දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත්, “අහෝ සමිඳුනි, අහිතොපෙල්ගේ මන්ත්‍රණය අනුවණකමක් බවට හැරෙවුව මැනවැ”යි කී ය.


“රජතුමා සතුටු නම්, ඔබේ දාසයා රජු ඉදිරියෙහි කරුණාව ලබා සිටී නම්, ජුදාහි මාගේ පියවරුන්ගේ සොහොන් තිබෙන නගරය ගොඩනඟනු පිණිස මා එහි යැව්ව මැනවැ”යි කීමි.


එවිට මම ඔවුන්ට පිළිතුරු දෙමින්, “ස්වර්ගයේ දෙවියන් වහන්සේ ම අපේ කාර්යය සාර්ථක කරනු ඇත. එබැවින් උන් වහන්සේගේ සේවකයන් වන අපි ගොඩනැඟීමේ වැඩ පටන්ගනිමු. එහෙත්, ඔබට ජෙරුසලමෙහි කිසි කොටසක් වත්, අයිතිවාසිකමක් වත්, සිහිවීමේ ලකුණක් වත් නැතැ”යි කීවෙමි.


“අහෝ! ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥා රක්ෂා කරන්නන් සමඟ විශ්වාසවන්ත ව ගිවිසුම පවත්වන, ගරුබිය දනවන දෙවියන් වහන්ස,


සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමාණන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.


එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලා ගෙන පසෙකට ගොස්, “මට දන්වන්නට තිබෙන කාරණය කුමක් දැ”යි ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්