Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 13:12 - Sinhala New Revised Version 2018

12 එවිට සියලු ජුදාවරු ධාන්‍යයෙනුත්, මිදි යුසෙනුත්, තෙල්වලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එවිට සියලු ජුදාවරු ධාන්‍යයෙනුත්, මිදි යුසෙනුත්, තෙල්වලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එවිට සියලු යූදාවරු ධාන්‍යයෙනුත් මුද්‍රික යුසයෙනුත් තෙලිනුත් දසයෙන් කොටස ගබඩාවලට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 13:12
9 හුවමාරු යොමු  

මාගේ මාලිගාවේ භෝජන තිබෙන පිණිස නුඹලා සම්පූර්ණ දසයෙන් කොටස ගබඩාවට ගෙනෙන්න. එසේ කළ විට ස්වර්ගයේ කවුළු හැර බහුල ලෙස මම නුඹලාට ආශීර්වාද නොදෙන්නෙම් දැ යි සෝදිසි කර බලන්න.


ඒ දවසේ පූජකයන්ටත්, ලෙවීවරුන්ටත් ව්‍යවස්ථාවෙන් නියම වූ කොටස් නගර ආසන්න කෙත්වල ප්‍රමාණයේ හැටියට ගබඩාවල රැස් කර තබන පිණිස, ඒවා කෙරෙහි පිළිගැන්වීමේ පූජා ද ප්‍රථම පල ද දසයෙන් එක ද සම්බන්ධ ව පාලනය කිරීමට මනුෂ්‍යයෝ පත් වූ හ. මන්ද සේවය කරමින් සිටි පූජකවරු ද ලෙවීවරු ද ගැන ජුදාවරු සතුටු ව සිටියෝ ය.


“අවුරුදුපතා ඔබේ කෙතෙන් ලැබෙන පලදාවෙන් දසයෙන් කොටස ඔබ දිය යුතු ය.


“කෙත්වතුවල ධාන්‍යයෙන් හෝ ගස්වල පලදාවෙන් හෝ ඇති වන භූමියේ මුළු අස්වැන්නෙන් දහයෙන් පංගුවක් සමිඳාණන් වහන්සේට කැප වූවකි. එවැන්නක් උන් වහන්සේට ශුද්ධ වස්තුවකි.


මේ ආඥාව පතළ වූ විට ඉශ්රායෙල්වරු බොහෝ සෙයින් ම ධාන්‍යවලිනුත්, මුද්‍රික යුෂයෙනුත්, තෙල්වලිනුත්, මී පැණිවලිනුත්, භූමියේ සියලු අස්වනුවලිනුත් ප්‍රථම පල සහ සියල්ලෙන් දසයෙන් කොටසක් ද යහමින් ගෙනාවෝ ය.


දෙවියන් වහන්සේ රැවටීමට මිනිසෙකුට පුළුවන් ද? මම නුඹලාගෙන් අසමි. එසේ කිරීම යුතු නැති වුවත් නුඹලා මා රවටන්නහු ය. නුඹලා මා රවටන්නේ දසයෙන් කොටස හා පූජාවන් පිදීමෙහි දී ය.


ඇරත්, පූජකයන් ද ලෙවීවරුන් ද සමිඳාණන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි යෙදී සිටීම පිණිස ඔවුන්ගේ කොටස් දෙන ලෙස ඔහු ජෙරුසලමෙහි විසූ සෙනඟට අණ කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්