Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 11:5 - Sinhala New Revised Version 2018

5 ෂිලොනියයාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජෝයාරීබ්ගේ පුත් ආදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත් කොල්-හෝශෙගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත් මයසේයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ෂිලොනියයාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන ජෝයාරීබ්ගේ පුත් ආදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත් කොල්-හෝශෙගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත් මයසේයා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ෂිලොනියයාගේ පුත්‍රවූ සෙකරියාගේ පුත්‍රයා වන යෝයාරීබ්ගේ පුත්‍රවූ අදායාගේ පුත්‍රයා වන හසායාගේ පුත්‍රවූ කොල්-හොසෙක්ගේ පුත්‍රයා වන බාරුක්ගේ පුත්‍රවූ මයසේයාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 11:5
7 හුවමාරු යොමු  

ඈ තව වරක් ගැබ්ගෙන පුතෙකු ලැබුවෙන්, ඔහුට ෂේලා යන නම තැබුවා ය. ඈ ෂේලා ලැබූ විට, ජුදා සිටියේ කෙසිබ් නම් ස්ථානයේ ය.


ජුදාගේ පුත්‍ර වූ ෂේලාගේ පුත්‍රයෝ නම්: ලේකාගේ පියා වූ ඒර් ද මරේෂාගේ පියා වූ ලයෙදා ද අෂ්බෙයාගේ වංශය වන සිහින් හණ රෙදි වියන්නන්ගේ වංශයේ පවුල් ද;


ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලා වූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝ ය.


ජුදාවරුන්ගෙන් ද බෙන්ජමින්වරුන්ගෙන් ද සමහරෙක් ජෙරුසලමෙහි වාසය කළෝ ය. ජුදාවරුන් අතරෙන්, පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ මහලලේල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන අමරියාගේ පුත් ශෙකරියාගේ පුත්‍රයා වන උස්සියාගේ පුත් අතායා ය.


ජෙරුසලමෙහි විසූ පෙරෙශ්ගේ සියලු පුත්‍රයන් වූ වික්‍රමාන්විත මනුෂ්‍යයෝ හාරසිය හැටඅටදෙනෙක් ය.


මිශ්පා පළාතේ අධිපතියා වූ කොල්-හෝශෙගේ පුත් ෂල්ලුම් උල්පත් දොරටුව අලුත්වැඩියා කිරීමේ වැඩ කෙළේ ය. ඔහු එය ගොඩනඟා, එහි දොරවල් හා තහඩු ද අගුල් ද සවි කර රජ උයන ළඟ දාවිත්ගේ නුවර සිට බසින පඩි පෙළ දක්වා ෂෙලහේ පොකුණේ පවුර ගොඩනැඟුවේ ය.


පවුල් අනුව ජුදාගේ පරපුර නම්, ෂේලාගෙන් පැවතෙන ෂේලා පවුල ය; පෙරෙශ්ගෙන් පැවතෙන පෙරෙශ් පවුල ය; ශෙරාගෙන් පැවතෙන ශෙරා පවුල ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්