Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නෙහෙමියා 11:11 - Sinhala New Revised Version 2018

11 දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අහිටුබ්ගේ පුත් මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත් සෙරායා ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 දෙවියන්වහන්සේගේ ගෘහයෙහි අධිපතියාවූ අහිටූබ්ගේ පුත්‍රවූ මෙරායොත්ගේ පුත්‍රයා වන ශාදොක්ගේ පුත්‍රවූ මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන හිල්කියාගේ පුත්‍රවූ සෙරායාද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 11:11
12 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද;


දේව මාලිගාවේ සේනාධිපතියා ද නායක පූජකයෝ ද මේ පුවත අසා, කුමකින් කුමක් වේ දැ යි වික්ෂිප්ත වූ හ.


හෙසකියා රජුගේත්, දෙවියන් වහන්සේගේ මාලිගාවේ අධිපතියා වූ අශරියාගේත් නියමයේ ප්‍රකාරයට කොනනියා සහ ඔහුගේ සහෝදර වූ ෂිමෙයි යටතේ ජෙහීයෙල් ද අශශියා ද නහත් ද අසාහෙල් ද ජෙරීමොත් ද ජෝශාබාද් ද එලීයෙල් ද ඉස්මාකියා ද මහත් ද බෙනායා ද යන මොවුහු නිලධාරීන් ව සිටියෝ ය.


මෙන්න, සමිඳාණන් වහන්සේගේ සියලු කටයුතු ගැන උත්තම පූජක වන අමරියා ද, රජුගේ සියලු කටයුතු ගැන ජුදා වංශයේ අධිපතියා වන ඉෂ්මායෙල්ගේ පුත් සෙබදියා ද ඔබ හැමගේ ප්‍රධානියෝ ය. ලෙවීවරු ද ඔබ ඉදිරියෙහි නිලධාරීහු වෙති. ධෛර්යවත් ව ක්‍රියා කරන්න. උපදෙස් පිළිපදින්න. සමිඳාණන් වහන්සේ ඔබට යහපත සලසන සේක් වා!”යි කීවේ ය.


මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය.


පූජක ආරොන්ගේ පුත් එලෙයාසර්, ලෙවීවරුන්ගේ ප්‍රධානියා වේ. ශුද්ධස්ථානයේ සේවාවන් ඉටු කරන්නන් පිළිබඳ වගකීම ඔහු සතු ය.


ඔහු ගොස් උන් වහන්සේ පාවා දෙන්නේ කෙසේ ද කියා නායක පූජකයන් හා දේව මාලිගාවේ මුර සෙබළුන් සමඟ කතා කර ගත්තේ ය.


පූජකයන්ගෙන්, ජෝයාරීබ්ගේ පුත් ජෙදායා ද ජාකීන් ද


දේව මාලිගාවේ වැඩ කළා වූ ඔවුන්ගේ සහෝදරයන් අටසිය විසිදෙදෙනෙක් ද මල්කියාගේ පුත් පෂ්හුර්ගේ පුත්‍රයා වන ශෙකරියාගේ පුත් අම්ශීගේ පුත්‍රයා වන පෙලලියාගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද


පෂ්හුර් ද අමරියා ද මල්කියා ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්