Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නෙහෙමියා 10:35 - Sinhala New Revised Version 2018

35 අපේ බිම්වල ප්‍රථම අස්වැන්න ද සියලු ආකාර ගස්වල සියලු පලවලින් ප්‍රථම පල ද අවුරුද්දෙන් අවුරුද්ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 අපේ බිම්වල ප්‍රථම අස්වැන්න ද සියලු ආකාර ගස්වල සියලු පලවලින් ප්‍රථම පල ද අවුරුද්දෙන් අවුරුද්ද සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 අපේ බිම්වල ප්‍රථම අස්වැන්නද සියලු ආකාර ගස්වල සියලු ඵලවලින් ප්‍රථම ඵලද අවුරුද්දෙන් අවුරුද්ද ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන හැටියටත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නෙහෙමියා 10:35
13 හුවමාරු යොමු  

තවද, නියම කාලවලට දර, පඬුරු හා ප්‍රථම පල ද ගෙන ඊම පිළිබඳ විධිවිධාන සැලැසුවෙමි. “මාගේ දෙවියන් වහන්ස, මාගේ යහපත පිණිස මා සිහි කළ මැනව.”


“නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට නුඹේ ඉඩම්වලින් හොඳ ම නාඹුල් පල ගෙනා යුතු ය. “එළු පැටවෙකු උගේ මවගේ කිරෙන් නොපිසිය යුතු ය.”


“නුඹේ කෙත්වලින් ඉස්තරම් නාඹුල් පල නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතු ය. “තවද එළු පැටියෙකු උගේ මවගේ කිරෙහි නොපිසිය යුතු ය.”


සියලු ම දේවල්, සියලු ම ප්‍රථම පලවලින් පළමු ඒවා ද නුඹලාගේ සියලු ආකාර දේවල එසවීමේ පූජා සියල්ල ද පූජකයන්ට වන්නේ ය. නුඹේ පවුලට ආශීර්වාදයක් ලැබෙන පිණිස නුඹලා ඇනූ පිටියෙන් මුල් ම කොටස පූජකයන්ට දෙන්න.


යමක් ගැන බොරුවට දිවුළ සියල්ල ද ආපසු දිය යුතු ය. ඔහු ගත් දේ සම්පූර්ණයෙන් ම දිය යුතු අතර, ඊට වැඩිමනත් පහෙන් පංගුවක් එකතු කොට දිය යුතු ය. තවද, ඔහු වරදකාරයා වූ දිනයේ දී ම එලෙස සියල්ල අයිතිකරුට දිය යුතු ය.


ඔහු, සමිඳාණන් වහන්සේට වන්දි ගෙවීමේ පූජාව වශයෙන්, රැළෙන් නොකැළැල් බැටළුවෙකු ද පූජකවරයා වෙත ගෙනා යුතු ය. ඌ තක්සේරු කළ යුත්තේ ගෙවිය යුතු වන්දිය අනුව ය.


“ඔවුන් මට පුදන ඉතා අගනා තෙල් ද ඉස්තරම් මිදිපැන් ද හොඳ ම ධාන්‍ය සහ ඉතා වටිනා නාඹුල් පල ද මම නුඹට දෙන්නෙමි.


නුඹ සමඟ සේවය කරමින්, නුඹට උදව් උපකාර කිරීමට නුඹේ පිය ගෝත්‍රය වන ලෙවීගේ ගෝත්‍රයට අයත් නුඹේ සහෝදරයන් ද නුඹ කැඳවාගත යුතු ය. එහෙත්, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට නුඹත්, නුඹේ දරුවනුත් පමණක් සේවය කළ යුතු ය.


උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්