Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 9:21 - Sinhala New Revised Version 2018

21 එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එහෙත්, සමිඳාණන් වහන්සේගේ වචනය නොතැකූ අය තම වහලුන් හා ගවසම්පත කෙත්වල ම සිටින්නට හැරියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ස්වාමීන්වහන්සේගේ වචනය නොසැලකූ තැනැත්තේ තමාගේ වැඩකාරයන්ද සිව්පාවුන්ද කෙතෙහි සිටින්ට හැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 9:21
11 හුවමාරු යොමු  

ඒ මිනිසා මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹේ නෙත්වලින් බලා, කන්වලින් අසා මා නුඹට පෙන්වන සියල්ල දෙස නුඹේ සිත යොමු කරන්න. මන්ද, නුඹ මේ ස්ථානයට පමුණුවනු ලැබුවේ ඒවා නුඹට පෙන්වන පිණිස ය. නුඹ දකින සියල්ල ඉශ්රායෙල් සෙනඟට දන්වන්නැ”යි කීවේ ය.


මම එය හොඳින් බලා, තේරුම්ගතිමි. මේ පාඩම ඉගෙනගතිමි:


දෙවි තුමාණන් මිනිසාගේ ජීවිතය පැහැර ගතහොත්, ඔහුගේ හුස්ම ඔහුගෙන් ඇදගතහොත්


ඔබ මිනිසා ගැන මෙතරම් ඉහළින් සලකන්නටත්, ඔහු වෙත ඔබ සිත යොමුකරන්නටත්,


ඉතින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන්න ඔබේ සිතත්, බුද්ධියත් යොමු කරන්න. සමිඳාණන් වහන්සේගේ නාමයට ගොඩනඟන්න තිබෙන මාලිගාව තුළට උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ද දෙවියන් වහන්සේගේ ශුද්ධ භාණ්ඩ ද ගෙන යන පිණිස නැඟිට දෙවි සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානය ගොඩනඟන්නැ”යි කීවේ ය.


ඈ මැරෙන වේලාවේ ඈ ළඟ සිටි ස්ත්‍රීහු කතා කොට, “බිය නොවන්න; ඔබ පුත්‍රයෙකු ලැබුවෙහි යැ”යි කීවෝ ය. එහෙත්, ඈ පිළිතුරු දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත.


පාරාවෝ ද සිදු වූ දේ ගණනකට නොගත්තෙන්, හැරී ආපසු තම මාලිගාවට ගියේ ය.


පාරාවෝගේ නිලධාරීන් අතර සමිඳාණන් වහන්සේගේ වචනයට බිය වූ සමහරෙක් තමන්ගේ වහලුන් හා ගවසම්පත ගෙවලට ගත්හ.


එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මුළු මිසර දේශය පුරා ගල් වර්ෂාව වැස, මුළු මිසර දේශයෙහි සිටින මිනිසුන් හා මෘගයන් ද කෙතෙහි සෑම පැළෑටි ද මත එය වැටෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ”යි වදාළ සේක.


නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්