Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 39:41 - Sinhala New Revised Version 2018

41 ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 ශුද්ධස්ථානයේ සේවාව සඳහා සියුම් ව වියන ලද සේවා පිළි ද පූජක නිලයේ සේවා කිරීමට අවශ්‍ය වන පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර හා ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර ද ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 ශුද්ධස්ථානයෙහි මෙහෙකිරීමට සියුම්කොට සාදනලද ඇඳුම්ද පූජකවූ ආරොන්ට ශුද්ධ වස්ත්‍රද පූජක තනතුරෙහි මෙහෙකිරීමට ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍රද මෝසෙස් ළඟට ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 39:41
7 හුවමාරු යොමු  

තවද ඔව්හු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල් ගෙන ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා පූජක සේවා නිල ඇඳුම් සෑදූ හ. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර සාදන ලදී.


විචිත්‍ර වස්ත්‍ර වන පූජක නිලයේ සේවා කිරීම සඳහා පූජක ආරොන්ගේ ශුද්ධ වස්ත්‍ර සහ ඔහුගේ පුත්‍රයන්ගේ වස්ත්‍ර,


නුඹේ සහෝදරයා වන ආරොන් සඳහා ගරුත්වය හා අලංකාරය ගෙන දෙන ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතු ය.


“ආරොන්ගේ පුත්‍රයන්ට ද ගරුත්වය හා අලංකාරය ගෙන දෙන කබා ද බඳපටි ද ශිරස්ක ද සෑදිය යුතු ය.


මළුවේ තිර හා කුලුණු ද ඒවායේ තවු ද මළුවේ දොරටුවට සැදූ කඩතුරාව ද එහි ලණු හා කූඤ්ඤ ද මණ්ඩපයේ හා සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා වූ උපකරණ සියල්ල ද


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ම ඉශ්රායෙල් ජනයා සියල්ල ඉටු කළහ.


ළය වැස්ම ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද පිණිසත්, එය ඒපොද් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි වළලු ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්