Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:24 - Sinhala New Revised Version 2018

24 සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 සමිඳාණන් වහන්සේට කැප කළ, ශුද්ධස්ථානයේ කර්මාන්ත සියල්ලට භාවිතා කළ රත්රන්වල ප්‍රමාණය, කිලෝග්‍රෑම් දාහක් හා ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව කිලෝග්‍රෑම් තුන්දාස් හාරසිය තිහක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 ඔප්පුකළ රන් වන ශුද්ධස්ථානයේ සියලු කර්මාන්තයෙහි වැඩට වියදම්වූ රන් සියල්ල තලෙන්ත එකුන් තිසක් හා ශුද්ධස්ථානයේ ෂෙකෙල් ලෙස ෂෙකෙල් හත්සිය තිහක්ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:24
13 හුවමාරු යොමු  

මුදාගත යුතු වූවන්ට මසක් ගිය පසු නුඹ ඔවුන් මුදාගත යුතු ය. එසේ කිරීමේ දී නුඹේ නියමය හැටියට ශුද්ධස්ථානයේ මිල අනුව, රිදී කාසි පහක් ගෙවිය යුතු ය. රිදී කාසියක් නම් ගේරා විස්සකි.


නුඹ ලියාපදිංචි කළ ඒ එක් එක්කෙනා වෙනුවට ශුද්ධස්ථානයේ සම්මත රිදී කාසි මිල අනුව රිදී කාසි පහ බැගින් අය කළ යුතු ය. රිදී කාසි එකක් ගේරා විස්සකට සමාන වේ.


“සියලු තක්සේරු ගිණිය යුත්තේ ශුද්ධස්ථානයේ මිලය අනුව ය. ගෙරා විස්සක් රිදී කාසි එකකි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේ ය; රන් ද මාගේ ය.


“ඔහු අවුරුදු විස්සේ සිට හැට දක්වා වයසැති පිරිමියෙක් නම්, ගෙවිය යුතු මුදල ශුද්ධස්ථානයේ මිලය අනුව රිදී කාසි පණහකි.


“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.


ස්ත්‍රීහු හා පුරුෂයෝ පැමිණියහ. දීමට කැමැති සෑම දෙනා ම, හාරිච්චි, කුණ්ඩලාභරණ, මුදු, මාල සහ නන්වැදෑරුම් රත්රන් බඩු ගෙනාහ. මෙලෙස සියල්ලෝ ම සමිඳාණන් වහන්සේට කැප කළ රත්රන් බඩු රැගෙන පැමිණියහ.


ශුද්ධස්ථානයේ මිල අනුව කිලෝග්‍රෑම් හයක තලිස් පතුරු ද යන අගනා සුවඳ ද්‍රව්‍ය ද ඔලීව තෙල් ලීටර් හතරක් ද ඔබ ගත යුතු ය.


මේ ආහාර සියල්ල ආරොන් හා ඔහුගේ පුතුන්ගේ අත්වල තබා, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත කරවා, ඒවා පුද කිරීමට සැලැස්විය යුතු ය.


“මට පඬුරක් ගෙනෙන ලෙස ඉශ්රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන් ම දෙන සෑම දෙනාගෙන් ම නුඹ ඒ පඬුරු ගත යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්