Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 35:25 - Sinhala New Revised Version 2018

25 දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝ ද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන, ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් හණපිළි ද ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 දක්ෂකම් ඇති කාන්තාවන් සියල්ලෝ ද සිය අත්වලින් නූල් කටින්න පටන්ගෙන, ඔවුන් විසින් කටින ලද නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් හණපිළි ද ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ප්‍රඥා සිත් ඇති සියලු ස්ත්‍රීහුද තමන් අත්වලින් නූල් කැට, ඔවුන් විසින් කටිනලද දේ වන නිල්, රත්නිල්, රතු නූල්ද සිහින් හණ රෙදිද ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 35:25
16 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේගේ මාලිගාව ළඟ තිබූ අෂේරා කප් කණුවලට තිර වියූ ස්ත්‍රීන් විසූ සල්ලාලයන්ගේ ගෙවලුත් ඔහු බිඳ දැමී ය.


ඇරත් පූජකයන්ගේ ද ලෙවීවරුන්ගේ ද කාණ්ඩවල අය දෙවියන් වහන්සේගේ මාලිගාවේ සියලු වැඩ පිණිස සිටිති. සියලු කටයුතුවල දී සියලු ආකාර වැඩට දක්ෂකම ද කැමැත්ත ද ඇති හැම දෙනා ද ඔබ සමඟ සිටිති. ඇරත් අධිපතියෝත්, මුළු සෙනඟත් ඔබේ අණට මුළුමනින් යටත් වන්නෝ ය”යි කීවේ ය.


ආරොන් මට පූජක සේවය කරන පිණිස ඔහු කැප කිරීමට අවශ්‍ය වස්ත්‍ර සෑදීමට මා විසින් විශේෂ හැකියාවකින් පූර්ණ කොට තිබෙන, සියලු දක්ෂ ශිල්පීන් හට නුඹ අණ කළ යුතු ය.


තවද, මම ඔහුගේ සහායට දාන්ගේ ගෝත්‍රයේ අභිසාමක්ගේ පුත්, ඔහොලියාබ් පත් කෙළෙමි. ඇරත් මා නුඹට අණ කළ සියල්ල ඔවුන් සාදන ලෙස දක්ෂ සියල්ලන්ට විශිෂ්ට හැකියාව දුන්නෙමි.


රිදී හෝ ලෝකඩ හෝ දෙන්නට හැකි වූ සියල්ලෝ ම ඒවා සමිඳාණන් වහන්සේ වෙත පඬුරු වශයෙන් ගෙනාහ. යම් වැඩකට ගත හැකි ෂිටිම් ලී තිබූ සියල්ලෝ ද ඒවා ගෙනාහ.


දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ.


“තවද, සමිඳාණන් වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට ද අනිකුත් කලා ශිල්පීන්ට ද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන් වහන්සේ අණ කළ ලෙස සියල්ල ඉටු කළ යුතු ය.”


නැණවත් වනිතාව සිය පවුල ගොඩනඟන්නී ය; අනුවණ වනිතාව සිය අතින් ම එය බිඳදමන්නී ය.


එවිට පේදුරු පිටත් ව ඔවුන් සමඟ ගියේ ය. ඔහු පැමිණි කල, ඔව්හු උඩුමහලට ඔහු කැඳවාගෙන ගියහ. සියලු වැන්දඹුවෝ ඔහු වටා සිට හඬ හඬා, දොර්කස් ජීවත් ව සිටිය දී මැහූ කමිසත් කබාත් පෙන්වූ හ.


කිතුනු සේවයෙහි නිරත වූ තෘපේනාට ද තෘපෝසාට ද කිතුනුවෙකු මෙන් බොහෝ වෙහෙස දරා සේවය කළ හිතවත් පර්සිස්ට ද මාගේ ආචාරය පිරිනමන්න.


ඔබ උදෙසා අධික ලෙස වෙහෙස දැරූ මරියාට ද මාගේ ආචාරය පිරිනමන්න.


ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.


එසේ ය, මේ ස්ත්‍රීවරුන්ට උපකාර කරන ලෙස මාගේ සැබෑ පංගුකාරයෙකු වන ඔබෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් ද මාගේ අනෙක් හවුල් සේවකයන් ද ඇතුළු ව මා සමඟ සුබ අස්න සඳහා සේවය කළෝ ය. ඔවුන්ගේ නාම ජීවන පොතෙහි ලියා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්