නික්මයාම 34:27 - Sinhala New Revised Version 201827 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version27 නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version27 තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ වචන ලියාගන්න. මක්නිසාද මේ වචන ලෙස මම නුඹ සමඟද ඉශ්‍රායෙල් සමඟද ගිවිසුමක් කෙළෙමියි කීසේක. පරිච්ඡේදය බලන්න |
එවිට උන් වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ සමඟ ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මිහි පිට වේවා, කිසි ම ජාතියක් අතර වේවා, කවදා වත් නොකළ අරුමපුදුම දේ මම නුඹේ සෙනඟ ඉදිරියෙහි සිදු කරමි. එවිට සමිඳාණන් වහන්සේ වන මට කරන්නට හැකි දේ නුඹ සමඟ සිටින සියලු සෙනඟ දැනගනු ඇත. මන්ද, නුඹ මඟින් මා කරන්න යන්නේ භයානක දෙයකි.