Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:20 - Sinhala New Revised Version 2018

20 කුලුඳුල් කොටළුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතු ය. නුඹ ඌ මුදා නොගන්නෙහි නම්, උගේ බෙල්ල කැඩිය යුතු ය. තවද, සියලු ම කුලුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතු ය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නො ආ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 කුලුඳුල් කොටළුවෙකු වෙනුවට බැටළු පැටවෙකු දී ඌ මුදාගත යුතු ය. නුඹ ඌ මුදා නොගන්නෙහි නම්, උගේ බෙල්ල කැඩිය යුතු ය. තවද, සියලු ම කුලුඳුල් පිරිමි දරුවන් නුඹ මුදාගත යුතු ය. කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නො ආ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 කුලුඳුල් කොටළුවා වෙනුවට බැටළු වස්සෙකු දී ඌ මුදාගන්න. මුදාගන්ට නොකැමැත්තෙහිනම් නුඹ උගේ බෙල්ල කඩන්ට ඕනෑය. නුඹේ පුත්‍රයන්ගෙන් සියලු කුලුඳුලන් මුදාගන්න. සිස් අතින් කිසිවෙක් මා ඉදිරියෙහි නොපෙනේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:20
11 හුවමාරු යොමු  

“දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් පූප මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය.


නුමුහුන් පූප මංගල්‍යය පැවැත්විය යුතු ය. මා අණ කළ පරිදි ආබිබ් මාසයේ නියමිත කාලයේ දී දින හතක් නුමුහුන් පූප අනුභව කළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙන් නික්ම ආයේ ඒ මාසයේ ය. එහෙත්, කිසිවෙකු හිස් අතින් මා ඉදිරියට නොපැමිණිය යුතු ය.


තවද, කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතු ය. ඔබ ඌ මුදා නොගන්නෙහි නම් උගේ බෙල්ල කැඩිය යුතු ය. ඔබ ජනයා අතර සියලු කුලුඳුලන් ද මුදාගත යුතු ය.


“ඔවුන් සමිඳාණන් වහන්සේට පුදන මිනිසුන්ගේ හෝ මෘගයන්ගේ හෝ කුලුඳුලන් සියලු දෙනා නුඹට අයිති වෙත්. එහෙත්, කුලුඳුල් පුතෙක් නම් මුදාගත යුතු වේ. එලෙස ම අපවිත්‍ර යයි සැලකෙන කුලුඳුල් සතුන්ගේ පැටියන් ද මුදාගත යුතු ය.


පාරාවෝ මුරණ්ඩු ලෙස අපට නික්ම යෑමට අවසර නුදුන් විට, සමිඳාණන් වහන්සේ මිසර දේශයේ මිනිසුන්ගේ කුලුඳුලන් සියල්ලන් හා මෘගයන්ගේ සියලු කුලුඳුලන් ද මරාදැමූ සේක. එබැවින් මම, මවු කුසෙන් පළමුවෙන් බිහි වෙන සියලු පිරිමි සතුන් උන් වහන්සේට පූජා කරමි. එහෙත්, සියලු පිරිමි කුලුඳුල් දරුවන් මම මුදාගන්නෙමි.


රජ ද, “එසේ නොව, මිලේට එය ඔබෙන් ගනිමි, මට වියදමක් නැති ව මාගේ දෙවි සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු නො‍කරමි”යි අරව්නාට කී ය. එසේ දාවිත් කමත ද ගවයන් ද රිදී කාසි පණසකට ගත්තේ ය.


එබැවින් මේ නියෝගය වසරින් වසර නියමිත කාලයෙහි ඔබ පැවැත්විය යුතු ය.”


“නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ.


සියලු කුලුඳුල් පිරිමින් සමිඳාණන් වහන්සේට කැප කළ යුතු ය. ඔබේ මෘගයන්ගේ කුලුඳුල් පිරිමි පැටියන් සියල්ලන් ම උන් වහන්සේට අයිති ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්