Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 34:15 - Sinhala New Revised Version 2018

15 එබැවින් නුඹ දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකළ යුතු ය. මන්ද, ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන පුද පූජා ඔප්පු කරන බැවින්, නුඹ ද කැඳවූ කල, නුඹත් ඒ පිදේනිවලින් කන්න පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එබැවින් නුඹ දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකළ යුතු ය. මන්ද, ඔවුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන පුද පූජා ඔප්පු කරන බැවින්, නුඹ ද කැඳවූ කල, නුඹත් ඒ පිදේනිවලින් කන්න පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නැතහොත් නුඹ දේශයේ වැසියන් සමඟ යම් ගිවිසුමක් කරනවා ඇත. එවිට ඔවුන් තමුන්ගේ දෙවිවරුන් සමඟ වේශ්‍යාකම් කරමින් තමුන්ගේ දෙවිවරුන්ට යාග පුදන කල්හි ඔවුන්ගෙන් කෙනෙක් නුඹට අඬගසන කල නුඹ ඔහුගේ යාගයෙන් කෑමටද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 34:15
36 හුවමාරු යොමු  

එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය.


දේවතාවන්ට පුදන පිදේනි වැළඳීම ගැන කුමක් කියමු ද? දේවතා පිළිමයකින් නිරූපණය වන කිසිවෙකු නැති බවත්, එක ම දෙවි කෙනෙකු මිස අන් දෙවි කෙනෙකු නැති බවත් අපි දනිමු.


එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය; මළවුන්ට පිදූ දේ කෑවෝ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, නුඹේ පියවරුන් කළුරිය කළ පරිදි නුඹත් කළුරිය කරන්නට දැන් ආසන්න ව සිටින්නෙහි ය. නුඹේ මරණින් පසු මේ සෙනඟ මට අවිශ්වාසවන්ත ව ඔවුන් පදිංචි වන රටෙහි විදේශිකයන්ගේ දෙවිදේවතාවන් වැළඳගෙන, මා අත්හැර, ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩ කරන්නෝ ය.


මේ ස්ත්‍රීන් තමන්ගේ දෙවි දේවතාවන්ට පිදූ පුදපූජා සඳහා සෙනඟට ආරාධනය කළ විට, ඔව්හු ගොස් ඒ පිදේනි වළඳා, ඒ දෙවි දේවතාවන් ඉදිරියෙහි වැඳ වැටුණෝ ය.


නොඅදහන්නන්ගෙන් යමෙකු ඔබට ආරාධනා කළොත්, ඔබ යන්නට කැමැති නම්, එහි ගොස්, ඔබ ඉදිරියෙහි තබා ඇති කොයි දෙයක් වුවත්, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.


දැනුම ඇති ඔබ, දේවාලයක කෑමට වාඩි වී සිටින බව දුර්වල යමෙකු දුටුවොත්, දේවතාවන්ට පිදූ පිදේනි කෑමට, ඔහුගේ හෘදය සාක්ෂියටත් ඉන් අනුබල නොලැබේ ද?


එහෙත් හැම දෙන ම එය නොදනිති. දේවතා පූජාවට පුරුදු වී සිටින සමහරු ඔවුන් වළඳන ආහාර දේවතාවන්ට පිදූ පිදේනි යයි තවමත් සිතති. මෙලෙස ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය කෙලෙසී ඇත.


වේශ්‍යාකම සුළු දෙයක් කොට සලකා ගල් හා ගස්වලට නමස්කාර කිරීමේ වේශ්‍යාකමින් ඈ දේශය පිළිකුල් කළා ය.


තවද, ඔවුන් යකුන් පසුපස ගොස් මට අවිශ්වාසවන්ත වී ඔවුන් වැළඳගෙන ඔවුන්ට පුද කළ පරිදි මින්පසු තවත් පූජා නොකළ යුතු ය. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.


නුඹ යන දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද, එය නුඹට මර උගුලක් වන්නට පුළුවන.


එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය.


“ඉශ්රායෙල් ජනයෙනි, විජාතීන් මෙන් ප්‍රීති උත්සව නොපවත්වන්න. මන්ද, නුඹලා දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඇත. නුඹලා සියලු කමත්වල දී වේශ්‍යාවන්ගේ පණයම් ලබන්නට ලොල් වූවහු ය.


මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.


ඔබ අත්හැර දමන්නෝ සැබැවින් ම වැනසී යන්නෝ ය; ඔබට ද්‍රෝහි වූවන් ඔබ වනසන සේක.


ඔවුන්ට ඕනෑ කරන දේ එනම්, ජෙරුසලමෙහි සිටින පූජකයන්ගේ නියමය ප්‍රකාර ස්වර්ගයේ දෙවියන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කිරීමට ගොන් වස්සන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද තිරිඟු ද ලුණු ද මුද්‍රික පානය ද තෙල් ද දවස් පතා නොවරදවා ඔවුන්ට සැපයිය යුතු ය.


උන් වහන්සේ ඔබට ඔවුන් පාවා දුන් පසු ඔබ ඔවුන්ට පහර දී සහමුලින් ම ඔවුන් වැනසිය යුතු ය. ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කර නොගත යුතු ය. ඔවුන්ට දයාවක් නොපෙන්විය යුතු ය.


නුඹලාට මේ දාවලු පෙනෙන විට, සමිඳාණන් වහන්සේගේ ආඥා සියල්ල සිහි කොට ඒවා පිළිපැදීමට සිතට ගත යුතු ය. එවිට නුඹලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගත් මෙන්, නුඹලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතු ය.


එවිට උන් වහන්සේ ඔහු අමතමින් මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ සමඟ ගිවිසුමක් පිහිටුවන්නෙමි. මුළු මිහි පිට වේවා, කිසි ම ජාතියක් අතර වේවා, කවදා වත් නොකළ අරුමපුදුම දේ මම නුඹේ සෙනඟ ඉදිරියෙහි සිදු කරමි. එවිට සමිඳාණන් වහන්සේ වන මට කරන්නට හැකි දේ නුඹ සමඟ සිටින සියලු සෙනඟ දැනගනු ඇත. මන්ද, නුඹ මඟින් මා කරන්න යන්නේ භයානක දෙයකි.


නුඹලා ද ඔවුන් සමඟ හෝ ඔවුන්ගේ දෙවිවරුන් සමඟ හෝ කිසි ගිවිසුමක් නොකළ යුතු ය.


රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.


“සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය.


මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔව්හු ඉක්මනින් බැහැර ගියහ. ඔව්හු වාත්තු කළ වස්සෙකු සාදාගෙන ඊට නමස්කාර කරමින් ද පුද පූජා කරමින් ද, ‘ඉශ්රායෙල්වරුනි, මිසර දේශයෙන් ඔබ පිටතට ගෙනා ඔබේ දෙවියෝ මෙන්න’ කිය කියා සිටිති”යි වදාළ සේක.


ඉශ්රායෙල්වරු ෂිට්ටිම් නම් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. ඔව්හු, මෝවබ් කාන්තාවන් සමඟ අනාචාරයේ හැසිරෙන්නට පටන්ගත්හ.


ඔවුන් සමඟ සරණබන්ධන ඇති කර නොගත යුතු ය. ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන් හට විවාහ කර නොදිය යුතු ය. ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන් හට ආවාහ කර නොගත යුතු ය.


එතුමාණෝ මෙසේ අසන සේක: ‘ඔවුන් විශ්වාසය තැබූ පර්වතය වන දෙවිදේවතාවෝ කොහේ ද?


යාග පඬුරුවල තෙල වැළඳූ, පානීය පූජාවල මිදියුස පානය කළ, ඔවුන්ගේ දෙවිදේවතාවෝ කොතැන ද?’ ඔව්හු නැඟිට සිට උපකාර කරත් වා! රැකවරණය සලසත් වා!


ඔබ යම් හෙයකින් ඒ අධිෂ්ඨානය නොසලකා, ඔබ සමඟ ඉතිරි ව සිටින මේ විජාතීන්ට ඇලුම් වී, ඔවුන් සමඟ විවාහ වෙමින්, ඔබ ඔවුන් අතරෙහි ද ඔවුන් ඔබ අතරෙහි ද ගැවසුණොත්,


ඔව්හු ඔවුන්ගේ දූවරුන් සරණ පාවාගෙන, තමන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.


එහෙත්, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට අවිශ්වාසවන්ත වී උන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් විනාශ කළ රට වැසියන්ගේ දෙවිවරුන් වැළඳ ගත්තෝ ය.


ඒ නිසා, ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට පෙළවහට දීම වත්, ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන්ට පෙළවහට ගැනීම වත්, ඔවුන්ගේ සාමය හා ශුභසිද්ධිය සෙවීම වත් නොකළ යුතු ය. මෙසේ ඔබ බලවත් ව සිට, දේශයේ සරු පලදාව භුක්ති විඳ, එය සදහට ම ඔබේ දරුවන්ට උරුම කර දෙන්නහු ය.


“මෘගයෙකු සමඟ මෛථූනයෙහි යෙදෙන්නා මරණයට පත් කළ යුතු ම ය.


ඔවුන් අන් දෙවිදේවතාවන් වෙත හැරී ගොස්, කළ සියලු නපුරුකම් නිසා මම එදින සත්තකට ම මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්