Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 33:5 - Sinhala New Revised Version 2018

5 උන් වහන්සේ මෝසෙස් අමතා, “නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 උන් වහන්සේ මෝසෙස් අමතා, “නුඹලා උඩඟු මුරණ්ඩු සෙනඟකි. මම මොහොතකට වත් නුඹලා අතරට පැමිණියොත් නුඹලා වනසාලමි. එබැවින් දැන් නුඹලාගේ කනකර ආභරණ ගලවා දමන්න. එවිට නුඹලාට කුමක් කළ යුතු ද කියා මම දන්නෙමි’යි ඉශ්රායෙල් ජනයාට කියන්නැ”යි වදාරා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–නුඹලා තද කුළල් ඇති සෙනඟක්ය. මම එක මොහොතකට නුඹලා අතරට පැමිණියෙම් නම් නුඹලා නැති කරදමන්නෙමි. එබැවින් නුඹලාට කළයුතු දේ කිමෙක්දැයි දැනගන්නා පිණිස දැන් නුඹලාගේ ආභරණ නුඹලා වෙතින් පහකරන්නැයි කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 33:5
16 හුවමාරු යොමු  

“සැණෙකින් මා මොවුන් වනසාලන්නට යන බැවින් මේ ජනතාවගෙන් අහකට යන්නැ”යි වදාළ සේක.


දෙවිඳුනි, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකර, මාගේ සිතිවිලි දැනගත මැනව.


කිසිවෙකුගෙන් පහර නොලබා ඇසිල්ලකින් මෙන් විනාශ වූ සොදොම් නගරයේ පාපයට වඩා මාගේ සෙනඟගේ අයුතුකම් මහත් ය.


ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.


ඔව්හු සැණෙකින් වැනසී යන්නෝ ය. තැතිගෙන අන්ත විනාශයට ම වැටී යන්නෝ ය.


ඔව්හු මොහොතකින් නසිති; ඔවුන් හැම, මැදියම් රෑ එක් ඇසිල්ලකින් නැසී යනු හැක; බලවතෙකු වුව ද පහසුවෙන් පහ ව යනු ඇත.


තවද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් ඔබ පිළිපදින්නහු ද නැද්ද කියා ඔබේ සිත දැනගනු පිණිස, මේ හතළිස් අවුරුද්ද තුළ පාළුකරය ඔස්සේ ඔබ යටහත් බවට පමුණුවා, සෝදිසි කරමින් උන් වහන්සේ ඔබ ගෙන ගිය දීර්ඝ ගමන සිහි කරන්න.


එවිට දූතයා, “ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය.


එබැවින් මම දැන් බැස ගොස් මා වෙත පමුණුවා ඇති චෝදනාවල ඇත්ත නැත්ත විභාග කරමි”යි වදාළ සේක.


“හිතුවක්කාර, මිසදිටු සිත් හා බිහිරි කන් ඇත්තෙනි, ඔබගේ පියවරුන් මෙන් ඔබත් නිතර ම ශුද්ධාත්මයාණන්ට එරෙහි ව සිටින්නහු ය.


තවදුරටත් උන් වහන්සේ මෝසෙස් අමතමින්, “මේ සෙනඟ මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.


ඉශ්රායෙල් ජනයා ද හොරෙබ් කන්දේ සිට ඉදිරියට තම කනකර ආභරණ ගලවාගෙන ගියහ.


යකඩ මෙන් දැඩි සිතක් ඇති, ලෝකඩ මෙන් බොරු ආටෝපයක් ඇති නුඹලා, මුරණ්ඩු සෙනඟක් බව දැන සිටියෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උපවාසයෙන් ද වැලපීමෙන් ද මුළු සිතින් දැන් වත් මා වෙත හැරී එන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්