Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:15 - Sinhala New Revised Version 2018

15 නුඹ ඔවුන් වෙනුවට මිදීම ලබාගැනීමේ මුදලක් වශයෙන් තම පඬුර සමිඳාණන් වහන්සේ වන මට පුදන කල ධනවතා නියම මිලට වැඩියෙන් හෝ දුප්පතා ඊට අඩුවෙන් හෝ නොදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 නුඹ ඔවුන් වෙනුවට මිදීම ලබාගැනීමේ මුදලක් වශයෙන් තම පඬුර සමිඳාණන් වහන්සේ වන මට පුදන කල ධනවතා නියම මිලට වැඩියෙන් හෝ දුප්පතා ඊට අඩුවෙන් හෝ නොදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නුඹලාගේ ප්‍රාණය ගැන සමඟිකමක් කරන පිණිස ස්වාමීන්වහන්සේගේ පූජාව දෙන කල ධනවන්තයා ෂෙකෙල් බාගයට වැඩියෙන්වත් දිලිඳා ඊට අඩුවෙන්වත් නොදේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:15
12 හුවමාරු යොමු  

එබැවින් සමිඳාණන් වහන්සේ අපේ පණ බේරා දුන් බැවින්, අපි සෑම කෙනෙකු ම ගත් ස්වර්ණාභරණ වන පාද මාලා ද වළලු ද මුදු ද කුණ්ඩලාභරණ ද මාල ද උන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෙමු”යි කී හ.


ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න.


අධිපතීන්ගේ තරාතිරම් නොබලන, දිළිඳාට වඩා ධනවතාට කරුණාව නොදක්වන දෙවිඳුන් පිට ඔබ වරද තබන්නෙහි ද? ඒ හැම දෙන ම මැවූයේ දෙවි තුමාණෝ ය.


මන්ද, සත්ත්වයෙකුගේ ප්‍රාණය ඇත්තේ ලේවල ය. නුඹලාගේ පාපවලට, පූජාසනය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට මා නුඹලාට එය දී ඇත. පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරන්නේ ලේ මඟිනි.


“නුඹ ජන ලේඛනයක් සඳහා ඉශ්රායෙල් ජනයා සංගණනය කරන විට, සංගණනය කරන අවස්ථාවේ දී ඔවුන් අතර වසංගතයක් නොපැමිණෙන පිණිස සෑම කෙනෙකු ම තම තමා වෙනුවෙන් මට මිදීමේ මුදලක් ගෙවිය යුතු ය.


වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක.


සමිඳුන් අබියස පොහොසතා හා දුප්පතා අතර වෙනසක් නැත, සමිඳාණන් ඒ දෙදෙන ම මැවූ බැවිනි.


දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.


සංගණනයට ඇතුළත් වන සෑම කෙනෙක් ම එනම් අවුරුදු විස්සක් හා ඊට වැඩි වයසැති අය, මට පඬුරක් දිය යුතු වේ.


නුඹ ද ඉශ්රායෙල් ජනයා උදෙසා මිදීම ලබාගැනීමේ මුදල් රැගෙන, සම්මුඛ මණ්ඩපයේ සේවාවන් සඳහා එය වැය කළ යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි ඉශ්රායෙල් ජනයා සිහිවීමක් ද නුඹලා වෙනුවට පව් කමාවේ මුදලක් ද වනු ඇත.”


සංගණනයට ඇතුළත් වූ වයස අවුරුදු විස්සක් හා ඊට වැඩි වූ සෑම කෙනෙකුගෙන් ම ශුද්ධස්ථානයේ කිරුම් බර අනුව නියම මිල ගන්නා ලදී. මෙසේ සංගණනයට ඇතුළත් වූ පිරිමි හයලක්ෂ තුන්දාස් පන්සිය පණහක් වූ හ.


“ දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්